(සුජිත් හේවාජුලිගේ )
මීට කලින් පැවති නව වැනි පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ද වසර දෙකක් යනතුරු වත්කම් බැරකම් ප්‍රකාශ බාරදිය යුතු බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
දූෂණ විරෝධී නව පනත් කෙටුම්පතේ විධිවිධාන අනුව එසේ කටයුතු කළ යුතු බවද හෙතෙම සඳහන් කළේය.
වත්කම් බැරකම් ප්‍රකාශ භාරදිය යුතු නිලධාරීන් සෑම වසරකම මාර්තු මස 31 වැනිදාට පැවති දේපළ පිළිබඳ විස්තර ඇතුළත් වත්කම් බැරකම් ප්‍රකාශය මේ මස 30 වැනිදාට ප්‍රථම ආයතන ප්‍රධානීන්ට භාරදිය යුතුවේ.
ඉන් පසු එම වත්කම් බැරකම් ප්‍රකාශ ආයතන ප්‍රධානීන් විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නොපමාව යොමු කරනු ලැබිය යුතුවේ.
නියමිත දිනට වත්කම් බැරකම් ප්‍රකාශ බාර නොදෙන නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.
මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මන්ත්‍රීවරුන් පිරිසක් තවමත් සිය වත්කම් බැරකම් ප්‍රකාශ භාරදී නැති බවයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
කලින් සබේ මන්ත්‍රීලාත් වත්කම් පෙන්නන්න ඕනෑ