
(සිතුම් චතුරංග)
කිලිනොච්චිය,විලාවෝට්ටෙයි ප්‍රදේශයේ කුඹුරු ඉඩමක තිබි අස්ථි කොටස් කිහිපයක් හා ආරක්ෂක අංශ නිළ ඇදුමකට සමාන ඇදුම් කොටස් කිහිපයක් සොයාගත් බව කිලිනොච්චිය පොලිසිය පවසයි.
කුඹුරු ඉඩම් හිමියකු සිය වගා කටයුතු සඳහා බැකෝ යන්ත්‍රයක් යොදා ඉඩම සකස් කිරීමේදී අස්ථි කොටස් කිහිපයක් මතුව ඇතැයි පොලිසිය පැවසීය.
ආරක්ෂක හමුදා භාවිතා කරන හිස්වැසුම් දෙකක් , යුද හමුදා නිල ඇඳුමට සමාන නිල ඇඳුම් , මැගසින් රඳවන ඇතුළු හමුදා නිල ඇඳුම් කොටස් කිහිපයක්ද සොයාගත් බවද පොලිසිය පැවසීය.
අස්ථි කොටස් පිළිබඳ කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව කිලිනොච්චිය මහේස්ත්‍රාත්වරයා අදාළ ස්ථානය පරීක්ෂා කිරීමට නියමිත බවද පොලිසිය සඳහන් කළේය.
පොලිසිය පැවසූයේ අදාල ස්ථානය මීට පෙර ආරක්ෂක බංකරයක් තිබී ඇති බවට සාධක හමුවී ඇති බවත් මියගිය පුද්ගලයා ආරක්ෂක අංශ සෙබළකුද නැතිනම් එල්.ටි.ටි.ඊ සාමාජිකයකු ද යන්න මෙතෙක් තොරතුරු අනාවරණය නොවූ බවයි.


2025 දෙසැම්බර් මස 18
555
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කිලිනොච්චියේ කුඹුරකින් හමුදා ඇඳුම් හා අස්ථි කොටස්
saman Thursday, 05 August 2021 04:20 PM
දැන් මේවා මහජනයාට අමතකයි, නමුත් දෙමවුපියන්, දූ දරුවන්?
fairoos Thursday, 05 August 2021 06:07 PM
මේවා පෙන්නලා අනිත් ඒවා අමතක කරන්න බැ දැන්... සර් ෆේල්...!!!