(අංජුල මහික වීරරත්න)
2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදී දිස්ත්‍රික් මට්ටමින් ඉහළ දක්ෂතා දැක් වූ විශිෂ්ටයන් ඇගයීමේ පළමු වැඩසටහන කිලිනොච්චියේදී පැවැත්වීමට රජය තීරණය කර තිබේ.
මෙහිදී උසස් පෙළ සමතුන්ට ජනපති අරමුදලින් ශිෂ්‍යත්ව පිරිනමයි.
එහි සමාරම්භක උත්සවය කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (22) කිලිනොච්චියේදී පැවැත් වේ.
2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදී සෑම විෂය ධාරාවකින්ම විශිෂ්ට කුසලතා දැක් වූ සිසුන් එක් දිස්ත්‍රික්කයකින් 60 දෙනකු බැගින් තෝරා ගෙන ඔවුන්ට මූල්‍ය ශිෂ්‍යත්ව සහ සහතික පත් ප්‍රදානය කිරීම මෙම වැඩසටහන යටතේ සිදු කෙරේ.
පළාත් අනුව ක්‍රියාත්මක වන එම වැඩසටහනේ පළමු වැඩසටහන හෙට කිළිනොච්චියේදී පැවැත්වෙන අතර, 2023 වසරේ අ.පො.ස උසස් පෙළ විභාගයෙන් විශිෂ්ටතා දැක් වූ යාපනය, කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්කවල විශිෂ්ටයෝ එහිදී ඇගයීමට ලක් කෙරේ.
ඉදිරියේදී අනෙකුත් දිස්ත්‍රික්කවලද එලෙස දක්ෂතා දැක් වූ සිසුන් ඇගයීමට ජනාධිපති අරමුදල කටයුතු සූදානම් කරමින් සිටී.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
කිලිනොච්චියේ උසස් පෙළ විශිෂ්ටයෝ අගයති