(සුමිත් පොතුපිටිය )
කලුතර විද්‍යාපීඨයේ ඉගෙනුම ලබන ගුරු ශිෂ්‍ය ශිෂ්‍යයාවන් 100 කට ආසන්න පිරිසකට උණ රෝගය වැළදී ඇති බව කළුතර සෞඛ්‍ය බලධාරියෙක් පැවසීය.
උණ රෝගය වැළදුණ හතලිහකට ආසන්න පිරිසක් නිවෙස්වලට පිටත්කර හැර ඇති බවත්, අනෙක් පිරිස නේවාසිකාගාරවල රැදී සිටින බවද සදහන් වේ.
රෝගීන්ට ප්‍රමාණවත් පරිදි සෞඛ්‍ය පහසුකම් සහ ආහාර පහසුකම් ඇතුළු අනෙකුත් පහසුකම් නොමැති බවද විද්‍යාපීඨය ආරංචි මාර්ග සදහන් කරයි.
ගුරු ශිෂ්‍යයන් පිරිසක් විද්‍යාපීඨයේ කොස්ගස්වලට නැග කොස් ගෙඩි 15 ක් පමණ කඩා කිරිකොස් ව්‍යාංජනයක් පිළියෙල කරගත් බවත් සදහන් වේ.
රෝගීන් වෙනුවෙන් එක් වෛද්‍ය ප්‍රතිකාර කාමරයක් ස්ථාපිත කර ඇති අතර එහි වෛද්‍ය සහායිකාවන් දෙදෙනාගේ සේවය ප්‍රමාණවත් නොවන බව පැවසේ.ෙ
මේ පිළිබඳ අදහස් දැක්වූ පීඨාධිපති ඒ ජේ එස් බස්නාගොඩ මහතා මෙසේ පැවසීය.
ළමයින් 25 ක් පමණ නිවෙස්වලට පිටත්කර යැව්වා. අද දිනයේ තවත් 30 ක් පමණ රෝහලට යොමුකරන්න බලාපොරොත්තු වෙනවා. විද්‍යාපීඨය සතු එකම වෑන් රථය කාර්මික දෝෂයකට ලක්වෙලා. ළමුන්ට ප්‍රවාහන පහසුකම් දෙන්න විදිහක් නෑ. එක් අයකු වෙනුවෙන් ආහාරයට රජය වෙන්කරන්නේ දිනකට රුපියල් 53 යි. ඒ මුදලට අනුව තමයි ආහාර ලබාදෙන්න වෙලා තියෙන්නේ.
මේ පිළිබඳ සෞඛ්‍ය අංශ සහ අමාත්‍යාංශය දැනුවත් කලා යනුවෙන් පැවසීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කලුතර විද්‍යාපීඨ සිසුහු 100ක් ලෙඩ වෙති
Anil wikramasinha Wednesday, 24 May 2023 06:21 PM
මේක හරිම අසාධාරණයක්... පාර්ලිමේන්තුවේ කෑම කීයක් වියදම් කරනවද? ඔවුන්ට කාලා තෙල වැඩිවෙලා...