(සුනිල් එස් තන්ත්‍රිආරච්චි )
පාසල් සිසුන් පිරිසකට පහර දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් කළුතර ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයෙකු මෙන්ම හිටපු අමාත්‍යවරයෙකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකුවූ ලබන 18 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කළුතර වැඩ බලන මහේස්ත්‍රාත් වජිර ලක්ෂ්මන් අසුරප්පුලි මහතා ඊයේ (06) සවස නියෝග කළේය .
මෙසේ රක්ෂිත බන්ධනාගාරයට නියම වූයේ කළුතර වස්කඩුවේ පදිංචිකරුවෙකුවූ සීක්කු ආරච්චිගේ නන්දන සිල්වා නම්වූ අයටය .
කළුතර තිස්ස මධ්‍ය මහ විද්‍යාලයේ සිසුන් පිරිසක් අතර ඉකුත් 05 වැනිදා දහවල් කළුතර නාගස් හංදියේ සිදුවූ ගැටුමකට මොහු මැදිහත්වී ඇති බව පොලිසිය කියයි .මොහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියම වූයේ මෙම ගැටුමේදී ඔහුද තුවාල ලබා කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුලත්ව ප්‍රතිකාර ලබමින් සිටියදීය.
ගැටුමෙන් තුවාල ලැබූ එක් සිසුවෙකු කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුලත් කරන ලදුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබුණි .
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
කලුතර ප්‍රා.සභා.හිටපු උප සභාපති රිමාන්ඩ්