(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කැලණි පාලමේ කෝටි විසි අටක ඇණ ගලවා ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් පවත්වන බව ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (18)පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
බන්දුල ගුණවර්ධන මහතා මෙසේද සඳහන් කළේය.
මේ ගැන පොලීසිය පරීක්ෂණයක් පැවැත්වූවා. අලාභය ගැන පොලිසියේ පැමිණිලි කරලා තියෙනවා. පාලමට විශේෂ ආරක්ෂාව යොදවලා තියෙනවා. ඇත්ත සංඛ්‍යා දත්ත පිළිබඳ වාර්තාවක් පාර්ලිමේන්තුවට ලබාදෙනවා. රේල්පාරෙ තියෙන පොඩි යකඩ කෑල්ල පවා ගලවා ගෙන යන තත්වයක් ඇතිවෙලා තියෙනවා. ඒ ප්‍රමාණය එන්න එන්නම වැඩි වෙනවා.
රේල් පාරේ යකඩ ගැලෙව්වම දුම්රියක් වුණත් පෙරලෙන්න පුළුවන්. මේ තත්ත්වය පාලනය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා.
දයාසිරි ජයසේකර මහතා:
මම මේ අහන්නේ ඇණ පිළිබඳ කතා වස්තුව. කුඩ්ඩන් ඇණ ගැලවීමේ කතා වස්තුව. කෝටි 28 කියන්නෙ යකඩ කිලෝ හැත්තෑ හත් ලක්ෂයක්. ඒ කියන්නේ ඇණ පහළොස් ලක්ෂයක් ගලවලා. දිනකට ඇණ සියයක් ගැලෙව්වොත් ඉවර කරන්න අවුරුදු විසි එකක් යනවා. දින පන්සිය අනූ නවයක් කුඩ්ඩො ඇණ ගැලෙව්වා නම් දිනකට ඇණ 1300ක් ගලවන්න ඕන.
උදේ හයේ ඉඳලා හවස හය වෙනකම් කූඩ්ඩො ටික එකතුවෙලා ඇණ ගැලෙව්වා නම් ඇණ දහයයි ගලවන්න පුළුවන්. මේ වගේ ඇණ පිළිබඳ කතා වස්තුවක් ඔබතුමාගේ ආචාර්ය උපාධියටවත් එන්නෙ නැතුව ඇති කියලා මම හිතනවා. ඇත්තටම මෙහෙම ඇණ ගලවලාද.
2025 දෙසැම්බර් මස 18
484
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කැලණි පාලමේ ඇණ ගැලවීම ගැන සී.අයි.ඩී පරීක්ෂණයක්
Hafeel Tuesday, 18 July 2023 02:19 PM
පට්ට හොරු ඇමති මන්ඩලයක් . සුදු ලූණු හොරා, සතොස හොරා, රට ඉඳි හොරුන්, බැංකු පොල්ලු කාරයෝ, කප්පම් කාරයෝ නියෝජන කරන ආණ්ඩුවකට සහ බරපතල වංචාකාරයක් බ්‍රිතානයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් දුරයට පත් කරන විට ජාත්‍යන්තරයේ විශ්වාසය ඇති වේවිද?
sena Tuesday, 18 July 2023 06:00 PM
අචාර්ය උපාධිය කෙසේ වෙතත් මෙච්චර සංකීර්ණ ගානක් මෙතුමාට හිතා ගන්න බැහැ .රුපියල් 2500 කින් පවුලක් මාසයක් කන්න පුළුවන් කිවුවේ මෙයානෙ .ෂුවර් එකටම සිකුරුටි කම්පැනියකින් ජරාවක් කාලා ඇති කොන්ත්‍රාත් එක දෙන්න