IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කැලණිවැලි දුම්රිය මාර්ගයේ සංවර්ධනයට අත තියයි

(යොහාන් භාසුර)
කැලණිවැලි දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය  කිරීමේ ව්‍යාපෘතිය ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෝමාගම දුම්රිය ස්ථාන පරිශ්‍රයේදී ආරම්භ කෙරිණි.
සංවර්ධනය කෙරෙමින් පවතින උතුරු දුම්රිය මාර්ගයෙන්යෙන් ඉවත් කෙරෙන රේල් පීලි ඇතුළු භාවිතයට ගත හැකි කොටස් යොදා ගනිමින් කෙරෙන මෙම ව්‍යාපෘතිය වසර දෙකක් තුළ අවසන් කිරීමට සැලසුම් කර ඇත. මාර්ගයේ පවතින දුර්වල තත්වය හේතුවෙන් දැනට පවතින වේග සීමා ඉවත් කිරීම දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුමයි.

කිලෝමීටර් 59 ක දිගින් යුතු මරදාන සිට අවිස්සාවේල්ල දක්වා වන කැලණිවැලි දුම්රිය මාර්ගය සංවර්ධනය කිරීම සඳහා රේල් පීලි 2359 සහ කොන්ක්‍රීට් සිල්පර 25728ක්‌ යොදා ගැනීමට නියමිතය. ඒ වෙනුවෙන් ඇස්තමේන්තු කර ඇති වියදම රුපියල් කෝටි  127කි.



අදහස් (4)

කැලණිවැලි දුම්රිය මාර්ගයේ සංවර්ධනයට අත තියයි

මැක්ස් Friday, 08 September 2023 09:19 AM

කොයි පැත්තේ හිටියත් බන්දුල කියන්නේ වැඩ කරන මිනිහෙක්. ප්‍රේමදාස මහත්තය වගේ. නවීකරණය වන කැළණි වැලියට සුබ පැතුම්!

:       20       10

ashok Friday, 08 September 2023 09:51 AM

යකඩ ටිකටත් ගුල්ල‍ො ගහයිද?

:       4       16

Bunny Preena Friday, 08 September 2023 10:04 AM

බර වැඩ කරලා අන්තිමට තෙල් බෙහෙත් ගානට වෙයිද දන්නේ නැහැ ඇමතිතුමාගේ අතටයි ඇඟටයි

:       3       10

වසන්ත පුස්සැල්ල Friday, 08 September 2023 01:42 PM

ඇමැතිතුමා 1970-1977 අතර කාලයේ පැවැති සමගි පෙරමුණේ ආණ්ඩුවේ සිටි සමහරක් අයගේ පුද්ගලික ලාභ ප්‍රයෝජන සඳහා වසා දැමීමට කටයුතු කළ අවිස්සාවේල්ල සිට ඕපනායක දක්වා කොටසින් රත්නපුර නගරය දක්වාවත් සකසා දෙන්න කියලා ඉල්ලන්න කැමැතියි..

:       0       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 312 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 202 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site