IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කලකට පසු සීගිරිය බලන්න සංචාරකයන් ඇවිත්

(කාංචන කුමාර ආරියදාස)

සීගිරිය නැරඹීම සඳහා විදේශීය සංචාරකයන් පිරිසක් පැමිණි බව  මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගිරිය ව්‍යාපෘති කළමනාකරු උපුල් නිශාන්ත මහතා පවසයි.

ඉන්දියාව මෙන්ම යුරෝපීය රටවල්වල සංචාරකයන් මේ දිනවල සීගිරියට පැමිණෙන බව සීගිරි සංචාරක මග මග පෙන්වනනෝ ද පවසති.

යුරෝපීය රටවල්වලින් වැඩි සංචාරකයන් යුගල් වශයෙන් සහ තනි වශයෙන් පැමිණෙමින් සිටින ආකාරයත් ඔවුන් මෙරට පැමිණ වර්තමාන සංචාරක තත්ත්වය පිළිබඳව සොයා බලා ඔවුන්ගේ පවුල්වල සහ රටේ අනෙකුත් අයට දැනුම් දීම් සිදු කරන බවද පවසති.

සීගිරියට පැමිණ සිටි ජර්මන් ජාතික සංචාරකයින් පිරිසක් කියා සිටියේ මෙරට සෞඛ්‍ය සෞඛ්‍යාරක්ෂිතව සංචාරය කිරීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් සපයා ඇති බව ය

සංචාරක ව්‍යාපාරය හෝටල් මෙන්ම අනෙකුත් ස්ථාන ද සෞඛ්‍යාරක්ෂිතව පවතින බවත් ඉතා ලස්සන ලංකාව සංචාරය  කිරීම සඳහා පැමිණෙන ලෙස තමන් ද ඉල්ලීමක් කරන බව ඔවුහු පවසති

සංචාරක මගපෙන්වන්නන් කියා සිටියේ මාස ගණනාවකට පසුව තම රැකියාව සිදු කරගැනීම සඳහා හැකියාව පවතීන බවත් රජය ලබාදුන් තීන්දු තීරණ නිසා සංචාරක ව්‍යාපාරය ඉදිරියේ දී සාර්ථක වනු ඇති බවට ද ඔවුහු විශ්වාසය පළ කර සිටිති.

 



අදහස් (4)

කලකට පසු සීගිරිය බලන්න සංචාරකයන් ඇවිත්

කිරි පුතා Wednesday, 29 September 2021 01:51 PM

රට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්කර ගැනීමට සියලු දෙනා වගකීමෙන් කටයුතු කළ යුතුයි. පිස්සු හැදුණු බල්ලන් මෙන් වැඩ වර්ජන, උද්ඝෝෂණ සමඟ සෞඛ්‍ය උපදෙස් නොපිළිපැදීම එකතු කර ගතහොත් රටම නැවත කඩා වැටෙනු ඇත...

:       8       28

aseWednesday, 29 September 2021 04:49 PM

"වැඩ වර්ජන, උද්ඝෝෂණ සමඟ සෞඛ්‍ය උපදෙස් නොපිළිපැදීම එකතු කර ගතහොත් රට"... එහෙම් අපි සුද්දා එනවා කියලා තියන දෙයක් කාලා පැත්තට වෙලා ඉමුනේ...? මෙහෙමත් නෝන්ජලයින්...

:       6       10

banda Wednesday, 29 September 2021 05:52 PM

එන සංචාරකයා සුද්ද කරගෙන කන්න හදන්න එපා. නිදහසේ ඔවුන්ගේ සංචාරය කරගන්න ඉඩදෙන්න.

:       0       4

KAMAL Wednesday, 29 September 2021 07:11 PM

කලකට පසු සීගිරිය බලන්න සංචාරකයින් ඇවිත් සිටියත් විමල් වීරවංශ පෙනෙන්නට නැත.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 247 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 986 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site