IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


කල්ඉකුත්වන දිනය වෙනස් කළ සහල් කිලෝ 17000ක් අල්ලයි

(යොහාන් භාසුර)

අසුරණයෙහි නිෂ්පාදිත දිනය වසර දෙකහමාරක් ඉදිරියට ගෙන සටහන් කර තිබූ සහල් කිලෝග්‍රෑම් 17,925 ක තොගයක් කොළඹ 14 ප්‍රදේශයේ ගබඩාවක තිබී සොයාගත් බව  පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා පැවසීය.

නිෂ්පාදිත දිනය  හා ඊට අදාළ තොරතුරු වෙනස් කර ආනයනික සහල් තොඟයක් වෙළඳපොළට නිකුත් කිරීමට සූදානම් කර තිබෙන බවට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම කළ බවත් ඉන්දියාවේ නිෂ්පාදිත කිලෝග්‍රෑම් 25 ඇසුරුම්වල අසුරා ඇති එම සහල් ඇසුරුම්වල නිෂ්පාදකයා සඳහන් කර තිබූ නිෂ්පාදිත දිනය 2022 ජනවාරි ලෙස සටහන්ව ඇති අතර නිෂ්පාදිත දිනයේ සිට වසරක් තුළ භාවිතා කිරීම කළයුතු යැයි සඳහන්ව ඇති බවත් සභාපතිවරයා කීය.

එම සහල් ආනයනය කළ ව්‍යාපාරිකයා එම අසුරනවල නිෂ්පාදිත දිනය වෙනස් කරමින් 2024 ජූනි ලෙස ඉදිරි දිනයක් යොදා වෙනත් ලේබලයක් සහිතව එම සහල් වෙළඳපලට නිකුත් කිරීමට කටයුතු කරමින් සිටි බව කී සමරකෝන් මහතා එම සහල් අසුරන වල මුද්‍රිතව තිබූ මිල ගණන් සහ බර ප්‍රමාණයන් ද ලේබල මගින් වෙනස් කර කොළඔ 14 ප්‍රදේශයේ ගබඩාවක් තුල රහසිගතව තබා ගනිමින්  ඉදිරි උත්සව සමය තුළදී වෙළෙඳපළට බෙදාහැරීමට සැලසුම් කර ඇති බව ද සඳහන් කළේය.

මෙම වැටලීමේදී නිෂ්පාදිත දිනය වෙනස්කල සහල් සහිත කිලෝග්‍රෑම් 25 ඇසුරුම් 717ක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය භාරයට ගෙන චූදිතයන්ට එරෙහිව ඉදිරියේදී නඩු පවරන බවද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. 



අදහස් (2)

කල්ඉකුත්වන දිනය වෙනස් කළ සහල් කිලෝ 17000ක් අල්ලයි

Wimalasena Tuesday, 26 November 2024 04:06 PM

සහල් මෝලෙන් ඇලවූ නිෂ්පාදිත දිනය හා කල් ඉකුත්වන දිනය හා මිල සඳහන්ව ඇති ලේබල් ගලවා වෙළෙඳසැල් වල සහල් ගබඩාකර තියෙනවා කියලා මිලට ගැනීමේදී පේනවා වරදකට තියෙන්නේ පාරිභෝගික අධිකාරියේ අයගේ ඇස් නොපෙනීම තමයි...

:       0       0

pj Friday, 29 November 2024 04:51 AM

ලේබලයකින් නොව තත්ව පරීක්ෂණයකින් පසු තීරණ ගැනීම වඩා යෝග්‍ය වේ. කෝ අර වැඩ බාරගත් බුද්ධිමතුන්? කාර් පෝලිමේද? ගෙවල් පෝලිමේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 637 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site