IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කිරි ගව පාලනයට ප්‍රංශයෙන් යුරෝ ලක්ෂ හතක්

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ කිරිගව පාලනය සංවර්ධනය සඳහා ප්‍රංශයෙන් යුරෝ ලක්ෂ හතක මුල්‍ය සහයෝගිතාව ලැබුණ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

ශ්‍රී ලංකාවේ කිරිගව පාලනය සංවර්ධනය සඳහා ප්‍රංශයේ ප්‍රධාන ආධාර ලබා දෙන ආයතන දෙකක් වන ප්‍රංශයේ පශු සම්පත් ආයතනය IDELF ( France Institut De L’Elevage (French Livestock Institute)  සංවර්ධනය සඳහා වන ප්‍රංශ නියෝජිතායතනය AFD ( French Agency for Development) මේ සඳහා  ඒකාබද්ධ සහයෝගිතාවය පළ කර තිබේ.

ඒ අනුව එම නියෝජිතායතන  විසින් යුරෝ ලක්ෂ 7ක මුදලක් හෙවත් රුපියල් මිලියන 250ක මුදලක්  ලබා දීම සඳහා මූලික අනුමැතිය ලබා දී තිබේ.

කිරිගව පාලනය සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් අංශය අදාල ආයතන වලට යෝජනා කිහිපයක් ලබා දී ඇති අතර එම යෝජනා සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තයේ සංවර්ධනයට මුල්‍ය ප්‍රතිපාදන හා තාක්ෂණික සහයෝගය පළ කිරීමට තීරණය කර ඇත.

මෙරට කිරි කර්මාන්තයේ ධාරිතාව වර්ධනය,  කිරිවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම, කිරිගව පාලන කටයුතු ශක්තිමත් කිරීම සහ අවශ්‍ය තාක්ෂණික සහයෝගය ලබා දීම යන කාරණා සඳහා මෙම ආයතන දෙකෙහි සහයෝගය පළ කර තිබේ.

 මෙම කරුණු ක්‍රියාත්මක කිරීමේ දී අවශ්‍ය යටිතල පහසුකම් සැපයීමට ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය විසින්  සිදු කිරීමට නියමිතය.

 



අදහස් (1)

කිරි ගව පාලනයට ප්‍රංශයෙන් යුරෝ ලක්ෂ හතක්

බද්රානි Tuesday, 18 July 2023 04:13 PM

ලංකාවේ ඉන්න ගවයෝ ප්‍රමාණය අනුව ඔය සොච්චම් මුදල අපිට පුන්නක්කු වලටත් මදි.. බිලියන් ගණන් හොරකම් කල ගව පාලකයින්ට ඕක දවසේ වියදමටත් මදි.. ප්‍රංශ කාරයින්ටත් පිස්සුද මන්දා මේ මී හරක්ට මේ හැටි වියදම් කරන්න...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 484 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site