
(චමින්ද වැවතැන්න)
කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල මොළගොඩ ප්‍රදේශයේ දී අද (18) දහවල් කාර් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් හත් දෙනෙක් තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කෑගල්ල පොලිසිය පැවසීය.
මෙලෙස තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇත්තේ මහනුවර පිළිමතලාව දන්තුරේ ප්‍රදේශයේ පදිංචිව සිටින පිරිසක් හා කොළඹ කැළණිය ප්‍රදේශයේ පදිංචිව සිටින සිව් දෙනෙක් සමග හත් දෙනෙක් බවත් පොලිසිය පැවසීය.
අනතුරින් කාර් රථ දෙකෙහි ගමන් කරමින් සිටි වයස මාස 8 , මාස 18 දරුවන් දෙදෙනෙක් කාන්තාවන් තිදෙනෙක් හා පිරිමි දෙදෙනෙක් තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති බවත් පොලිසිය පැවසීය.
මහනුවර සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබුණු කාර් රථයේ රියදුරුවරයාට නින්ද යාමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පැවසීය. තුවාලකරුගේ තත්ත්වය බරපතල නොමැති බවත් පොලිසිය පැවසීය.
2025 දෙසැම්බර් මස 18
619
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
299
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1100
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කාර් කාර් ගැටී හතක් රෝහලේ