
(නිමල් ජයරත්න )
පොළොන්නරුව ප්‍රදේශයේ අභය භූමියක සිටි කිරි ඉබ්බන් 13 දෙනකු මරා ආහාරය සඳහා පිසීමට සූදානම් කර තිබූ, මස්, පාද හා බිත්තර තොගයක් සමඟ කාන්තාවන් තිදෙනෙකු අද( 24 ) අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව අඩවි ආරක්ෂක කාර්යාලය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් කාන්තාවන් තිදෙනා පුත්තලම හා මන්නාරම් ප්‍රදේශයේ පදිංචි අයවලුන් බව ඒ සම්බන්ධ පරීක්ෂණ කරන පොළොන්නරුව අඩවි ආරක්ෂක ආර්.ආර්.ශාන්ත මහතා පැවසීය.
සැකකාර කාන්තාවන් තිදෙනා තමන්කඩුව 26 කනුව ප්‍රදේශයේ පෞද්ගලික නවාතැන්පොළක රැඳී සිටිමින් ප්‍රදේශයේ වෙළෙඳාම් කරන තිදෙනකු බවට තහවුරු වී ඇති බවද වනජීවී නිලධාරීන් සඳහන් කරයි.
ප්‍රදේශයේ විහාරස්ථාන භූමියක නවාතැන් ගනිමින් මෙම කිරී ඉබ්බන් දහතුන් දෙනා මරා ආහාර පිණිස පිසීමට සූදානම් කර සිටිය දී මෙම කාන්තාවන් තිදෙනා අත්අඩංගුවට ගත් බවද වනජීවී නිලධාරින් පවසයි.
2025 නොවැම්බර් මස 04
520
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2252
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1683
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කිරි ඉබ්බන් මරා ආහාර සකසමින් සිටි කතුන් 3ක් දැලේ
Bunny Preena Tuesday, 24 June 2025 03:13 PM
මොවුන් පිටුපස අනිවාර්යෙන්ම බලවත් පුද්ගලයින් කිහිප දෙනෙකුම ඉදලා ඇති
sisira Tuesday, 24 June 2025 03:20 PM
බොහෝ දෙනෙක් මෙවැනි දේ කරන්නේ ආසාවට නොවේ. ජීවත් වෙන්ට වෙන විදියක් නැති නිසයි.
චතුරිTuesday, 24 June 2025 11:12 PM
සිසිර හිතන විදියට හිතන්න පුරුදු වුනොත්. මේ රට අපායක් වෙනවා ආගමික ස්තානයක්. නැවති මේ දේවල් කෙරුවානම්. පිට ට ගියාම මොනවා නොකරයිද. තිරිසන් ජාතිය. බත් කන්න. මස් ඕනමද. අසරන සත්තු මරනකොට ඒ සත්තු. පපුවට ගහ ගන්නෙ. මුන්ගෙ අත් හපන්න බැරිනිසා. එක දවසක්. කෑවෙ නැහැ කියලා කෙනෙක් මැරෙන්නෙ නැහැ. ලන්කාව බුද්දාගමෙ. රටක් ලු. වැඩ අරාබියෙ වගෙ. මිනිස්සු සාතන්ලා වගෙ