IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


කර්මාන්ත ගොඩ නගන්න බය නැතුව සල්ලි දෙනවා

(අංජුල මහික වීරරත්න)

කර්මාන්තකරුවන්ට සහ ආයෝජකයන්ට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් රජය නොපැකිලිව ආයෝජනය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.

මේ වන විට රටේ ඇති වී තිබෙන ආර්ථික ස්ථාවරත්වය මත පදනම්ව ඉදිරි ආර්ථික වර්ධන ඉලක්ක සපුරා ගැනීම රජයේ අරමුණ බවද ජනාධිපතිවරයා කීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඇගලුම් ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් සමඟ 2026 පූර්ව අයවැය සාකච්ඡාවකට  ජනාධිපති කාර්යාලයේදී එක් වෙමිනි.

මෙහිදී දැනට පවතින කර්මාන්ත වෙනුවෙන් පහසුකම් සැපයීම තුළින් පළමු වටයේදී අපේක්ෂිත වර්ධන ඉලක්ක ළඟා කර ගැනීම සඳහා ප්‍රවේශයක් ලබාගත හැකි බව  පෙන්වා දුන් ජනාධිපතිවරයා, එහිදී සෑම රුපියලක්ම වඩා ප්‍රතිඵලදායී ආයෝජන වෙනුවෙන් යෙදවීම රජයේ ප්‍රතිපත්තිය බවද පැවසීය.

මෙහිදී ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (Joint Apparel Association Forum), නිදහස් වෙළෙඳ කලාප නිෂ්පාදකයන්ගේ සංගමය (FTZMA) ඇතුළු ඇඟලුම් ක්ෂේත්‍රයේ සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ නියෝජිතයෝ එක් එක් ක්ෂේත්‍රයන්ට අදාළව අයවැය යෝජනා ඉදිරිපත් කළහ.

නිෂ්පාදන පිරිවැය ඉහළ යාම ඇතුළු ඇඟලුම් ක්ෂේත්‍රයේ නව අභියෝග සහ අවස්ථා පිළිබඳවද පාර්ශ්වකරුවන් විසින් ජනාධිපතිවරයා දැනුවත් කරන ලද අතර, සියලු ක්ෂේත්‍ර සඳහා බදු සහන හිමි විය යුතු බව රජය පිළිගන්නා බවත්, රජයේ ආදායම් තත්ත්වයට සාපේක්ෂව රටේ ආර්ථිකයද ආරක්ෂා කර ගනිමින් ඉදිරියේදී එම සහන ලබා දීමට අපේක්ෂා කරන බවත්  පැවසීය. 



අදහස් (3)

කර්මාන්ත ගොඩ නගන්න බය නැතුව සල්ලි දෙනවා

Nishan Friday, 12 September 2025 11:05 AM

අච්චු ගහලා දෙන එකනේ. මොකෝ ඩොලර් වලින් දෙනවා යැ .

:       5       22

ගුණරත්න Friday, 12 September 2025 11:52 AM

ෆැක්ටරි හදන එක නොවේ ප්‍රශ්නය හදන භාණ්ඩ විකුණන එක.

:       5       21

Wijesundara Friday, 12 September 2025 01:11 PM

එතකොට ජනාධිපතිතුමා 1971 හා 1988-89 කාලයේ විනාශ කළ ඒවට මොනවත් කරන්නෙ නැතෙයි හැදුවත් යම් ලෙසකින් ආණ්ඩුව වෙනස් වුනොත් ආයෙත් ඔහේලගෙ වෘත්තීය සමිති කාරයොත් එක්ක කරන්න පුලුවන් වේවි කියලා හිතෙන්නේ නැහැ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 191 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 59 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 752 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site