
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මහජනතාව,මාධ්‍ය හෝ වෙනත් මහජන ප්‍රවර්ධන තොරතුරුවලින් අධිකරණයෙ තින්දුවලට බලපෑම් සිදුකිරීමට කටයුතු කිරීම පිළිබදව අප්‍රසාදය පළ කරන බව පුත්තලම අතිරේක දිසා විනිසුරු අසේල ද සිල්වා මහතා අද විවෘත අධිකරණයෙ පැවසිය.
කරුවලගස්වැව වනජීවි නිළධාරින් පිරිසක් ඊයේ 16 දින අලුයම එරඹුදුගස්වැව ප්‍රදේශයෙ වැටලිමක නිරත වෙමින් සිටියදි පුද්ගලයකුට වෙඩි වැදිමක් සම්බන්ධව නඩුවේ සැකකාර වනජීවි නිළධාරින්ට ඇප ලබා දෙමින් විනිසුරුවරයා මේ බව පැවැසීය.
අදාල සිද්දියෙදී වනජීවි නිළධාරින්ගේ වෙඩි ප්‍රහාරයට ලක්ව තිබුණේ කරුවලගස්වැව කුඩා මැදවච්චිය ප්‍රදේශයේ 40 හැවිරිදි දෙදරු පියකු වන සේනාධිපති මුදියන්සේලාගේ කපිල කුමාර නැමති අයෙකී.
අදාල වෙඩි තැබිම සම්බන්ධයෙන් කරුවලගස්වැව පොලිසිය සැකකාර වන ජීවි නිළධාරින් දෙදෙනා පුත්තලම අධිකරණයට අද ඉදිරිපත් කළේය.
වන සත්ව නියාමකවරුන් වන ඩබ්ලියු.එන්.ජේ.සදනුවන් සහ එච්.ඒ.අයි.ආර්.හෙට්ටිආරච්චි යන දෙදෙනාට එක් අයකුට රුපියල් ලක්ෂ පහ බැගින් ශරීර ඇප දෙකක් නියම කරමින් සැකකරුන් ඇප මත මුදා හැරිමට අතිරේක දිසා විනිසුරුවරයා නියෝග කළේය.
වෙඩි ප්‍රහාරයට ලක්වු තැනැත්තා ද අධිකරණයෙ පෙනි සිටියේය.
මෙහිදි වැඩි දුරටත් විවෘත අධිකරණයෙ කරුණු දැක්වු අතිරේක මහෙස්ත්‍රාත් අසේල ද සිල්වා මහතා මෙසේ ද පැවැසීය
“වනජීවි නිළධාරින්ගේ රාජකාරියෙදි සිදුවු අනපේක්ෂීත සිදුවිමක් බවට මෙම සිද්ධිය වාර්තා වෙනවා.
වනජීවි නිළධාරින් ගහකොල හා වන සතුන් රැක ගැනිමට පවතින් දුෂ්කර තත්වය හමුවේ මහත් උත්සහයක් ගන්නා බව අපි දන්නා කරුණක් ඒ හේතුවෙන් රාජකාරි කටයුතුවලදි සිදුවන ඇතැම් සිදුවිම් මෙසේ උලුප්පා දැක්විම වැරදි පුර්වාදර්ශකයක් යැයි අතිරේක මහෙස්ත්‍රාත් වරයා පවසන්නට විය.
පැමිනිල්ල වෙනුවෙන් පෙනි සිටි කරුවලගස්වැව පොලිස්ථානාධිපති පොලිස් පරික්ෂක සුජීව අලවත්ත මහතා අධිකරණය හමුවෙ පවසා සිටියේ මෙම සිද්දිය හේතුවෙන් මහජන කැලඹිමක් සිදුවිමට ඉඩ ඇති බවයි.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලු අතිරේක මහසේත්‍රාත්වරයා කරුවලගස්වැව අඩවි වනජීවි නිළධාරි කාර්යාලට පොලිස් ආරක්ෂාව සැපයිමට නියෝග කළේය.
2025 දෙසැම්බර් මස 18
445
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1035
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කරුවලගස්වැව වනජීවි දෙදෙනාට ඇප
චන්දන Thursday, 18 August 2022 07:43 AM
සත්තු මරනකොට වනාන්තරය විනාශ කරනකොට මහජන කැළඹීම් නැහැ. නිලධාරින් රාජකාරිය කරනකොට ද කැළඹීම් ඇති වෙන්නේ... පොලිසිය මස් කෑල්ලටයි, දැව වලටයි ඔය කෑ ගහන්නේ... වනජීවි නිලධාරීන් වෙනුවෙන් පෙනී නොසිටින්නේ මේ නිසා. පොලිසිය මස් වැද්දන් එක්ක... බෝඩ් අල්ලගෙන ඉන්නේ පොලිසියත් උදව් කරගෙන...
sharm warn Thursday, 18 August 2022 10:47 AM
ඇත්තටම එතන මිනීමැරුමක් වුණාද, නැද්ද කියලා අපරාධ පරීක්ෂණයක් කරන්නේ නැද්ද එතකොට?