IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


කොරියාවේ නැව් හදන්න ගංගාරාමයෙන් පුහුණුව

(අංජුල මහික වීරරත්න)

කොරියාවේ නැව් හදන කම්හල් වලට ශ්‍රමිකයන් පුහුණු කරන මධ්‍යස්ථානයක් හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට අනුබද්ධිත ශ්‍රී ජිනරතන අධ්‍යාපන ආයතනයේ පිහිටුවීම සඳහා කොරියාව සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරිණි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, ගංගාරාම විහාරස්ථානයට අනුබද්ධිත ශ්‍රී ජිනරතන අධ්‍යාපන ආයතනය සහ කොරියා ක්ලූලයිෆ් ආයතන අතර අවබෝධතා ගිවිසුම කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද අත්සන් කළේය. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙනුවෙන් එහි සභාපති හිල්මි අසීස්, ශ්‍රී ජිනරතන අධ්‍යාපන ආයතනය වෙනුවෙන් එහි පාලක සභාවේ ලේකම් ප්‍රසාද් ජයවීර, කොරියානු ක්ලූලයිෆ් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ජොන් යුං ලිම් යන මහත්වරු මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූහ.

මෙම අවබෝධතා ගිවිසුම අනුව කොරියානු නැව් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සදහා වන ශ්‍රමිකයින් පුහුණු කිරීමට නියමිතය. නැව් ඉදිකිරීම් ක්ෂේත්‍රෙය් වෙල්ඩින් රැකියා සදහා මූලික අදියරේදී ශ්‍රමිකයින් පුහුණු කිරීමට නියමිත අතර දෙවැනි අදියරේදි නැව් පින්තාරු පුහුණුව, ඉලෙට්‍රිකල් පුහුණුව ලබාදීමට නියමිතය.

නැව් ඉදිකිරීම් ක්ෂේත්‍රෙය් රැකියා සදහා පුහුණුව ලබන සියලුම පුහුණුකරුවන්ට කොරියානු භාෂා පුහුණුව ලබාදීමටද නියමිතව ඇත.

ගංගාරාම විහාරස්ථානයට අනුබද්ධිත ශ්‍රී ජිනරතන අධ්‍යාපන ආයතනය පුහුණුව සදහා අවශ්‍ය පහසුකම් සපයන අතර කොරියානු ක්ලූලයිෆ් ආයතනය විසින් පුහුණු කිරීම් කටයුතු සිදු කරනු ලබයි. ඒ සදහා වන කොරියා පුහුණුකරුවන්ද එම ආයනය විසින් සම්බන්ධීකරණය කිරීමට නියමිතය.

මෙම පුහුණුව ලබන සියලුම පුහුණුකරුවන් කොරියානු නැව් ඉදිකිරීම් ක්ෂේත්‍රෙය් රැකියා සදහා යොමු කිරීමට අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සහ ලාංකික ශ්‍රමිකයින්ට රැකියා ලබාදීම සදහා වන රැකියා කෝටාවන් ලංකාවට ලබාගැනීටම අවශ්‍ය සහාය ලබාදීමට නියමිතය. විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් අදාල පුහුණු කටයුතුවල ගුණාත්මකභාවය සහතික කිරීම සදහා වන අධීක්ෂණ කටයුතු සිදුකරනු ඇත.

අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට ගංගාරාම විහාරවාසී හීන්කුඹුරේ කොන්ඩඤ්ඤ හිමි, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී ප්‍රියන්ත සේනානායක මහත්වරු එක්ව සිටියහ.

 



අදහස් (6)

කොරියාවේ නැව් හදන්න ගංගාරාමයෙන් පුහුණුව

Piyal weerasinghe Saturday, 10 June 2023 08:47 PM

දැන් කාලේ ගොඩක් දෙමාපියන්ට ඕනෑ දරුවන් ලොකු ලොකු තනතුරු වල හොබවන්න. කාර්මික පැත්තට යොමු කරනවා බොහෝ අල්පය... අද ලෝකයේ වැඩිපුර රැකියා ඇත්තේ කාර්මික පැත්තට.

:       0       5

Bamunuarachchi Sunday, 11 June 2023 05:21 PM

දෙමව්පියන්ට කාර්මික හෝ වෙන අතකට දරුවෝ යොමු කරන්න බැහැ... එහෙම කරන්න ගිහින් දරුවන්ගේ අනාගතේ විනාශ වුණු හැටි අපි දැකලා තිබෙනවා. දරුවා කැමැති විෂයන් දක්ෂකම් තේරුම් අරගෙන උදව් දීමයි කළයුත්තේ. මට මේ සම්බන්ධව අත්දැකීම් තිබෙනවා.

:       0       0

B.M.W.Samarathunga Sunday, 11 June 2023 09:38 AM

කොහොමද මේ සඳහා සම්බන්ධ වෙන්නේ...

:       0       1

චාමර රුක්ශාන් Sunday, 11 June 2023 01:39 PM

මම කැමතියි නැව්වල රැකියාවක් සඳහා කොරියාවට යන්න...

:       0       1

A. ලහිරු සදරුවන් Wednesday, 21 June 2023 08:07 PM

මම කැමැතියි සම්බන්ධ වෙන්න... කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ...?

:       0       0

Dasun indunil tharanga Sunday, 16 July 2023 09:51 PM

කොහොමද මේකට සම්බන්ද වෙන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 384 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 544 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site