( ඩී.ජී.සුගතපාල)
වකුගඩු රෝගින්ගේ ලේ පිරිසිදු කිරිමට (රුධිර කාන්දු පෙරණ)ගන්නා උපකරණ කරාපිටිය රෝහලේ නොමැතිවීම නිසා වකුගඩු රෝගිහු සිය ගණනක් දැඩි පීඩාවට පත්ව සිටිති.
කරාපිටිය රෝහලේ සායනවලට පැමිණ ලේ පිරිසිදු කරගන්නා සහ නේවාසිකව ප්‍රතිකාර ගනු ලබන සිය ගණනක් වකුගඩු රෝගිහු මෙම තත්වය හමුවේ දැඩි ජිවිත අවදානමකට පත්ව සිටිති.
දින පහකට වරක් සමහර රෝගින්ගේ ලේ පිරිසිදු කල යුතු අතර සමහර රෝගින්ගේ ලේ දවස් දෙකකට වරක් ලේ පිරිසිදු කල යුතුව ඇති බව රෝගින්ගේ ඥාතිහු පවසති.ඔවුන් පවසන්නේ මුදලට ගැනිමටවත් කිසිදු ඖෂධ ශාලාවක මෙම උපකරණ නොමැති බවය.ඥාතින් වැඩි දුරටත් පවසන්නේ නියමිත දිනවල ලේ පිරිසිදු කිරිම නොකලොත් ඔවුන්ගේ මරණයද අතලඟ බවය.
මේ පිළිබඳව කරාපිටිය රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ හරෂණි උබේසේකර මහත්මියගෙන් විමසුවිට කියා සිටියේ කරාපිටිය රෝහලට පමණක් නොව වෙනත් රෝහල්වලටද මෙම උපකරණ හිඟය බලපා ඇති අතර දිවයින පුරාම මෙම උපකරණ හිඟය පවතින බවය..
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කරාපිටියේ වකුගඩු රෝගීන් කබලෙන් ළිපට