IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


කොරෝනා අස්සේ මගී නැවක් හම්බන්තොටට

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාව තුළ ‘කොවිඩ්’ වයිරසය ව්‍යාප්ත වීමෙන් පසුව හම්බන්තොට ජාත්‍යන්තර වරායෙන් ඉන්ධන ලබාගැනීමට පළමු මගී ප්‍රවාහන නෞකාව අද (25) එම වරායට සේන්දුවිය.

‘නැවිගේටර් ඔෆ් ද සීස්’ නැමැති මෙම නෞකාව එම වරායට සේන්දුවීම හම්බන්තොට ජාත්‍යන්තර වරායේ ඉන්ධන සැපයීමේ සේවාවන්හී තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් බවත් එම නෞකාවේ සිටින පුද්ගලයන් 217 සෞඛ්‍ය හේතූන් මත නෞකාවෙන් පිටත පැමිණීමෙන් වැළකී සිටි බවත් එම වරාය පවසයි.

ඊජිප්තුවේ පෝට් සෙයිඩ් සිට දකුණු කොරියාවේ යෝසු වෙත යාත්‍රා කරමින් තිබියදී ඉන්ධන ලබාගැනීම සඳහා හම්බන්තොට වරායට එම නෞකාව ඇතුල් විය.



අදහස් (19)

කොරෝනා අස්සේ මගී නැවක් හම්බන්තොටට

Nandalal DE SILVA - France Wednesday, 25 August 2021 12:59 PM

අපෝ ඇති යන්තන්. අපි බය වුනා ඒ නෞකාවෙන් මගීන් ගොඩබැස්සනම් හම්බන්තොට කොරෝනා නව පොකුරක් බිහිවේවි කියලයි

:       38       26

VithanaThursday, 26 August 2021 05:26 AM

ඔයාට එහෙම හිතුනේ ආණ්ඩුව කියලා තියෙන දේ ඇත්ත කියලා හිතුනු නිසානේ.

:       0       3

කිරි පුතා Wednesday, 25 August 2021 01:04 PM

වත්ත බද්දට දීලා ඇස්සට තද නියවමු අපි...

:       9       54

ganegoda Wednesday, 25 August 2021 01:12 PM

මේ මොන බොරුවක්ද? අපේ රටේ මනුස්සයින්ටත් නැති ඉන්ධන කොහොමද මේ නැව්වලට ගහන්නේ? ලෝකයේ පළමු වතාවට සංචාරක නැවක් ඉන්ධන ලබාගැනීමට වරායකට සම්ප්‍රාප්ත වූ බවයි. මොකක්ද මේක පිටුපස සිද්ද වෙන්නේ?

:       40       61

ShanWednesday, 25 August 2021 02:16 PM

ඔයාගේ මොලේ තමයි මොලේ.. නැව් වලට ගහන්නේ මොන තෙල්ද කියලා දන්නවද?

:       34       26

nikamaWednesday, 25 August 2021 02:49 PM

නැව්වලට ගහන්න ‘‘ගෑස් ඔයිල්‘‘ ඔයතරම් ගබඩාවල තියෙනවා නම්, ඇයි රජයේ වාහනවලට ගහන්න ඉන්ධන ගබඩාවල නැත්තේ?

:       15       35

kamal Wednesday, 25 August 2021 01:48 PM

දැක්කද? එක නැවක් ගෙන්න ගත්තා. එක වැවක්වත් එන්නේ නෑ කියූ ඉරිසියාකාරයින්ට නියම පිළිතුර සර්...

:       27       18

beempiWednesday, 25 August 2021 02:35 PM

ඔයා කොහේහරි ඉන්න මගෝඩිකාරයෝ ටිකක් පටවාගෙන මේ කොරෝනා මැද්දේ මෙහාට පාත් වුණේ හොඳටනම් නොවේ.. හෙරොයින් අරගෙන ආවාද? නැතිනම් හෙරොයින් ගෙනියන්න ආවාද කියලා අපි උකුසු ඇසින් බලා සිටිමු...

:       16       38

Bernard Wednesday, 25 August 2021 02:06 PM

පළමුවතාව ගැන ලොකුවට කියනවා. කොරෝනා වසංගතයෙන් ජීවිත වැඩියෙන්ම නැතිවෙන පළමු තැනේ ඉන්නෙත් අපි.

:       9       38

ajith Wednesday, 25 August 2021 02:39 PM

දවසකට ඉස්සෙල්ලා අපේ අගමැති කිව්වා ගන්න තෙල් නැතිව හුඟක් රජයේ වාහන කොටඋඩ කියලා. පච කෙළින එකටත් රටාවක් තියෙනවලු නේද?

:       7       44

PA - RA Wednesday, 25 August 2021 03:25 PM

නැවකට අවශ්‍ය දෙවල් ලබාගන්නේ ඒ නැව් සමාගමේ ඒජන්ත හරහා වන අතර ඔවුන් අනුමැතිය ගන්නේ වරාය අධිකාරිය බැවිනි, එය ජාත්‍යනතර මට්ටමින් සිදුවන්නක් අතර ඒ ඒ රටවල් නීතියෙන් බැදී සිටින අතර දේශපාලනයට කිසිත් කල නොහැක. විශේෂයෙන් අරාබි කලාප රටක. තවද නැව්වලට ගමන් කිරීම සඳහා භාවිතා කරන්නේ බොරතෙල් වේ

:       17       7

kamaniWednesday, 25 August 2021 04:58 PM

මෝඩයින්ට බොරු කියලා වැට්ටුවට දන්න අය දන්නවා නැව්වල තියෙන්නේ ඩීසල් එන්ජින් කියලා... ඩීසල් එන්ජින් වලට බොරතෙල් ගහන්න තරම් නැවේ කප්පිත්තගේ මොලේ කචල් වෙලාද අයියෝ...?

:       2       21

gampilaWednesday, 25 August 2021 05:59 PM

මෙතන ඔලමොට්ටල අදහස් ප්‍රසිද්ධ කරමින් උඩ පනින්නේ පොහොට්ටුවේ පණ්ඩිතයින් මිසක් හිතන්න, කල්පනාකරන්න පුළුවන් අය නොවෙයි..

:       5       16

kumaraWednesday, 25 August 2021 05:47 PM

බල ප්‍රචලනය, ඩීසල්-විදුලි, ඒබීබී අසිපොඩ් දෙකක් සහ එක් ෆික්සිපෝඩ් දුනු තෙරපුම් හතරක්.

:       0       5

sampath Wednesday, 25 August 2021 06:57 PM

නැව් වල තියෙන්නේ ඩිසල් එන්ජිමක්.

:       2       10

ShanThursday, 26 August 2021 02:30 AM

නැව් සහ ගුවන් යානා ඩීසල් හෝ පෙට්‍රල් I ඛනිජ තෙල් පිරිපහදු ක්‍රියාවලිය භාවිතා නොකරන්නේ නම් කෙරසීන් තෙල් වලට වඩා අඩු ගුණාත්මක බවින් යුත් නිෂ්පාදන 2 ක් ගුවන් යානා සහ නැව් සඳහා ඉන්ධන ලෙස භාවිතා කරයි. වාහන වල මේ ආකාරයේ ඉන්ධන භාවිතා කළ නොහැක.

:       0       7

Perera Thursday, 26 August 2021 01:21 AM

කොහොමද අපේ සර්ලගෙ පවුලේ නැව.?

:       2       17

janis Thursday, 26 August 2021 04:29 AM

අපි තමයි හොදටම කෙරුවේ.

:       0       2

Perera Thursday, 26 August 2021 08:07 AM

අවු10 ඇතූලත චිනා කොළඹ වරායට එන නැවු හමිබන්තොටට ගන්නවා මේ අය උඩබලාගෙන ඉන්නවා.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 670 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17765 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 745 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site