IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


‘කර්නල් අමුණුපුර ගැන පරීක්ෂණයක් නැතිව මෙරටට ගෙන්වීම සෑහීමකට පත්වන්න බෑ’

නාලක සංජීව දහනායක
 
මානව හිමිකම් කඩකළ බවට චෝදනා එල්ල වී සිටින කර්නල් කලන අමුණුපුර මහතා නිසි පරීක්‍ෂණයකින් තොරව නැවත මෙරටට ගෙන්වා ගැනීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරයි.


කර්නල් කලන අමුණුපුර මහතාට එරෙහිව එල්ලවන චෝදනා සම්බන්ධයෙන් නිසි පරීක්‍ෂණයක් නොපවත්වා කඩිමුඩියේම ඔහු මෙරටට ගෙන්වා ගැනීමෙන් ශ්‍රී ලංකා යුද හමුදාවට දීර්ඝ කාලීනව බලපෑම් එල්ල වන බවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අද (22) පැවසීය.


කර්නල් කලන අමුණුපුර මහතා ශ්‍රී ලංකා යුද හමුදාවේ 58 වැනි සේනාංකය නියෝජනය කළ බවත් මානුෂීය මෙහෙයුමේ අවසන් සමයේදී පුදුමාතලන් හා පුදුකුඩිඉරිප්පු ප‍්‍රදේශවල පිහිටි රෝහල් මතට බෝම්බ හෙළා රෝගීන් ඝාතනය කළ බවට එම සේනාංකයට එරෙහිව යස්මින් සූකා ඇතුළු මානව හිමිකම් සම්බන්ධයෙන් හඬ නඟන්නන් චෝදනා කළ බවත් ඔහු කීය.


එම චෝදනා සියල්ලම අසත්‍ය වුවත් චෝදනා සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණය සඳහා ඉකුත් රජය දරුස්මාන් කමිටුව පත්කළ බවත් යස්මින් සූකා නැමැත්තිය එම කමිටුවේද සාමාජිකාවක ලෙස කටයුතු කළ බවද මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


බත්තරමුල්ල, නෙළුම්මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී අද (22) පැවැති  මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.



අදහස් (0)

‘කර්නල් අමුණුපුර ගැන පරීක්ෂණයක් නැතිව මෙරටට ගෙන්වීම සෑහීමකට පත්වන්න බෑ’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 427 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16834 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 654 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site