IMG-LOGO

කරුණාගේ ඉඩමක ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලී ගොවියා මරුට

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ට අයත් බවට සැලකෙන වාලච්චේන කිරාම් ප්‍රදේශයේ පිහිටිකුඹුරු ඉඩමක දීවන අලින් ගෙන්  කුඹුර ආරක්ෂා කර ගැනීමට අනවසරයෙන් ඇද තිබූ විදුලි රැහැනක පැටලීමෙන් පෙරේදා 12 වෙනි දාපනස් තුන් හැවිරිදි ගොවියකු මිය  ගොස් ඇතැයි වාලච්චේන පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ මා වාඩි වෙම්බු ප්‍රදේශයේ පදිංචිව සිටි කේ පීසිවපාලන් සුන්දර නැමැති ගොවියෙකි
මොහු හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාට අයත් යැයි සැලකෙන කුඹුරේ ගොවිතැන් කටයුතු කරන අයෙක් බවද පොලිසිය සඳහන් කරයි.

මෙම ගොවියා කුඹුරට පැමිණි අවස්ථාවේ කුඹුර වටා ඇද තිබූ අනවසර විදුලි රැහැන පැටලී විදුලිසැර වැදී මියගොස් ඇති බව වාලච්චේන පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

වන අලින් ගෙන් අලින්ගෙන් කුඹුරු කුඹුරුයාය ආරක්ෂා කිරීම සඳහා මෙම විදුලි රැහැන් ඇද තිබූ බව පරීක්ෂණවලින් පෙනී ගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි.

වාලච්චේන පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

 



අදහස් (3)

කරුණාගේ ඉඩමක ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලී ගොවියා මරුට

Hafeel Tuesday, 14 February 2023 05:30 PM

කරුණා අම්මාන් කියන්නේ ගම්මන්පිලට දේශප්‍රේමී කෙනෙක්. මහින්ද රාජපක්ෂගේ හිටපු ජනාධිපති උපදේශකයෙක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු උප සභාපති කෙනෙක්. ඉතින් එම හයියෙන් මෙවැනි නීති විරෝධී වැඩ කරන්න බැරිද? මෙයා රටට කරපු විනාශයට, මෙයාට හිටපු නියෝජ්‍ය ඇමැති කියල කියන්න නැතුව, හිටපු ත්‍රස්තවාදී නායකයක් කියලා කිව්වොත් තමයි සුදුසු....

:       0       0

Dasa P Tuesday, 14 February 2023 05:59 PM

බිම් බෝම්බ වෙනුවට විදුලිරැහැන්.

:       0       0

Lalla Wednesday, 15 February 2023 08:19 AM

ඒ කියන්නේ කරුණා වනය අල්ලාගෙන කුඹුරු වගාව කරනවා. කෝ නීතිය?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 510 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 689 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 280 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site