IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කුරුණෑගල මවකට අවුරුද්දේ ලොකු තෑග්ගක්

(ෂේන් සෙනෙවිරත්න)

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දී කුරුණෑගල මවක් දරුවන් සිව් දෙනකු බිහි කළාය.

කුරුණෑගල තෝරයාය අටමුනේ ප්‍රදේශයේ පදිංචි 30 මවක් එසේ සිව් නිවුන් දරු ප්‍රසූතියක් සිදු කොට තිබෙන අතර පිරිමි දරුවන් තිදෙනකු සහ ගැහැණු දරුවකු ඇය  බිහි කළාය.

දරුවන්ගේ මව පාසල් ගුරුවරියක් වන අතර පියා මල්ලවපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරියකු වශයෙන් සේවය කරන අයෙක් බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි .

එම සිව් නිවුන් දරුවන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ නවජන්ම ළදරු විශේෂ ප්‍රතිකාර ඒකකයේ තැබීමට වෛද්‍යවරුන් පියවර ගෙන තිබේ .

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය පේරාදෙණිය වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය සම්පත් ඥානරත්න මහතා පවසා සිටියේ දරුවන්ගේ මව යහපත් සෞඛ්‍ය තත්වයෙන් සිටින බවත් විනාඩි 10 ක පමණ කාල පරතරයක් අතරතුර සිසේරියන් සැත්කමක් මගින් දරුවන් පිටතට ගත් බවයි .

 



අදහස් (5)

කුරුණෑගල මවකට අවුරුද්දේ ලොකු තෑග්ගක්

ගමේ එකාලා Monday, 17 April 2023 04:41 PM

දොස්තර මහතා ඇතුලුව සහයෝගය දීපු කාර්ය මණ්ඩලයට අපගේ ප්‍රණාමය පුදකරනවා. මවටත් දරුවන්ටත් සියලු දෙවිපිහිට සහ ආරක්ෂාව ලැබේවා...!

:       1       44

Lalla Monday, 17 April 2023 05:24 PM

මේ යුවලට නම් දරුවන් වෙනුවෙන් උපකාර අවශ්‍ය වෙනවා. උපකාර කළ යුතුයි.

:       0       42

අරුණ Monday, 17 April 2023 06:31 PM

කිසිම ආගමික මතවාදයක් පොඩි දරුවන්ගේ මනසට බලහත්කාරයෙන් කාවද්දන්න එපා !

:       0       1

Nihal Monday, 17 April 2023 09:56 PM

දෙමාපියන්ට,දරුවන්ට නිරෝගි සුවය වාසනාව පතමි

:       0       6

Don Tuesday, 18 April 2023 08:19 AM

ඉතාමත්ම සතුටුයි .දෙවි පිහිටයි ඔබ සියලු දෙනාටම .මෙවැනි අවස්තාවල මේ වගේ පවුල් වලට රජයෙන් විශේෂ රැකවරණයක් සලස්වා දිය යුතුයි .මේ දරුවන්ගේ පාසල් ගමන අවසන් වන තෙක්

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 486 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site