
(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණින් සම්බන්ධවූ මන්ත්‍රීවරුන් අතර සමග ජන බලවේගයේ සමගියට බාධා කරන කිසිම හැදියාවක් නැති නොසන්ඩාල කඩාකප්පල්කාරීන්ද සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහනුවරදී දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
ඔවුන් සාමූහිකව වැඩ නොකරන බවටද මන්ත්‍රීවරයා චෝදනා කළේය.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණින් සමඟ ජන බලවේගයට ආ මන්ත්‍රීවරුන්ට මැතිවරණයේදී නාමයෝජනා දෙන බවට පොරොන්දුවක් ලබාදී නැති බවද සමග ජන බලවේගයේ සමගියට බාධා කරන කිසිවෙකුටත් පක්ෂයේ ඉඩක් නැති බවද ඔහු කීවේය.
ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයට පැමිණි අය අතර හොඳ අයද සිටින බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
මහනුවර දිස්ත්‍රික්කයේ පොහොට්ටුවේ මන්ත්‍රීවරයකුද සමග ජන බලවේගයට සම්බන්ධවී සිටින බවත් ඔහු මෑතකදී කිසිවෙකුටත් අදහා ගත නොහැකි කටයුත්තක් කර ඇති බවත් ඔහු කීය.
ජවය නමැති සමග ජන බලවේගයේ අනුබද්ධ සංවිධානය මේ මාසයේ 18 වැනිදා වැඩසටහනක් සංවිධාන කර තිබූ බවත් එම රැස්වීමට ලියුම් යැව්වේ සුජීව සේනසිංහ හිටපු මන්ත්‍රීවරයා බවත් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.
දිස්ත්‍රික් නායකයා වශයෙන් තමා හෝ ඒ සම්බන්ධයෙන් ලිපි නොයවූ බව ප්‍රකාශ කළ මන්ත්‍රීවරයා මේ පොහොට්ටුවේ මන්ත්‍රීවරයා ව්‍යාජ ශීර්ෂ සකසා ජවය වැඩසටහනට සහභාගි වන ලෙසට දිස්ත්‍රික්කයේ ප්‍රබලයන්ට පවා ලිපි යවා ඇති බවත් සඳහන් කළේය.
මේ ආකාරයට ව්‍යාජ ලිපි සකස් කිරීම දණ්ඩ නීති සංග්‍රහය අනුව දඬුවම් කළ හැකි වරදක් බවද ඔහු කීවේය.
"මේ වගේ අය එක්ක අපි කොහොමද වැඩ කරන්නේ" යැයිද මන්ත්‍රීවරයා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1052
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කිරිඇල්ල කියන නොසන්ඩාලයා කවුද
මහසෙන් Sunday, 19 May 2024 05:25 PM
ඔය කට්ටිය කැමති දෙයක් කරන්න ..(කට්ටිය කිව්වේ UNP, සජබ, පොහොට්ටුව, ශ්‍රී ලනිප ඔය එකී නොකී හැමෝටම)...
පිටරටවැසියා Sunday, 19 May 2024 05:43 PM
මේ ගොල්ලන්ට පක්ෂයට සම්බන්ධ වැඩසටහනක් සමගියෙන් සංවිධානය කරගන්නවත්, ලියුමක්වත් සමගියෙන් එම රැස්වීමට යවාගන්නවත් බැරිකොට, රාජ්‍ය බලය ලැබුණු දාකට රටට අබම සරණයි ඉතින්...!
සෙනෙවිරත්න Sunday, 19 May 2024 06:12 PM
අපි දන්නවා ඔය කුලල් කාගන්නේ අපට ඇති ආදරේකට නොවන බවත් කතිරේ කොටාගන්නම විතරක් බවත්... අනේ කිරිඇල්ල නොදුටු මොක්පුර, අපට පාන්ද? ඕවා තමුන්නැහේලාම බේරාගන්න...
Sakalaguru Monday, 20 May 2024 07:53 AM
නොසන්ඩාලයො කවුද කියලා තේරුම් ගන්න අමාරුවක් නැහැ තම තමන්ට ඉහළට එන්න උපකාරී වූ පක්ෂයට පයින් ගසා අවුරුදු 75 ක් පමණ රටට සේවයක් කරපු පක්ෂය නැත්තටම නැතිවෙන තැනටම පත්වීමට බල තන්හාවෙන් පක්ෂය කඩාගෙන ගොස් වෙනත් පක්ෂයක් අටවාගත් සියල්ලෝම නොසන්ඩාලයො තමයි එහෙම ගිහිල්ලා එහි අඩුපාඩු පෙන්වූ අය පමණක් නොසන්ඩාලයො වෙන්නෙ නැහැ
අරවින්ද මොනරවිල Monday, 20 May 2024 10:02 AM
නම සමගි ජන බලවේග උනාට ඒකේ නැත්තෙම සමගියයි. පක්ෂයේ නායකයා හා සභාපතිවරයා එකිනෙකාගේ මුහුණවත් බලන්නේ නැහැ. පක්ෂයේ කොටසක් ආණ්ඩුවෙන් බාර් ලයින්ස් ගත්තා කියලා අනිත් කොටස උරණ වෙලා, පක්ෂයේ අවසරයකින් තොරව ආණ්ඩුවේ විමධ්‍යගත අය වැයෙන් පුද්ගලික මන්ත්‍රී යෝජනා වලට මුදල් ලබා ගැනීම නිසා හර්ෂයි රංජිතුයි ඇන කොටා ගන්නවා, දැන් කිරිඇල්ල කළබල වෙලා තමන්ගේ පලාතේ තමන්ගේ අනුදැනුමකින් තොරව පක්ෂයේ ප්‍රබලයන්ට පොහොට්ටුවෙන් පැමිණි මන්ත්‍රීවරයෙක් රැස්වීම් සඳහා ආරාධනා කිරීම සම්බන්ධයෙන්, තිස්ස අත්තනායක එදා රැස්වීමක් වර්ජනය කෙරුවා තමන්ට නිසි පරිදි ආරාධනා නොකීරම හේතුවෙන් ,ඒවගේම විජිතමුණි සොයිසා රංජිත් මද්දුමබණ්ඩාර බණ්ඩාරට එරෙහිව චෝදනා නගනවා තමන්ව පක්ෂ තුළ නොසළකා හැර ඇති බව කියමින්. අහෝ සමගියේ ජන බලවේගය මරා ගන්නා හැටි.
ගමේ එකාලා Monday, 20 May 2024 12:45 PM
කතාවකුත් තියෙනවා නම කපුරුහාමි වුණාට කට දුගඳයි කියලා... සමගි ජන බලවේගය වුණාට අනේ මන්දා?
mahesh Home Tuesday, 21 May 2024 12:18 PM
කිරිඇල්ල කියන නොසන්ඩාලයා , කවුද ?