IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කියුබාවේ මැයි දිනේ අවලංගු කරයි

කියුබාව කම්කරු දිනය වෙනුවනේ සෑම වසරකම පවත්වනු ලබන සාම්ප්‍රදායික මැයි දින පෙළපාලිය මෙවර අවලංගු කිරීමට එරට කොම්යුනිස්ට් රජය කටයුතු කරන ලදි. කියුබාවේ පවතින ඉන්ධන හිඟය එයට හේතු විය.

කියබානු විප්ලවයෙන් පසුව පුරා වසර 60කට වඩා වැඩි කාලයක් සෑම වසරකම කම්කරු දිනයේදී මැයි දිනය සැමරීම සඳහා දහස් සංඛ්‍යාත කියුබානුවන් පිරිසක් හවානා විප්ලව චතුරශ්‍රයට එකතු වූහ. දීර්ඝ කාලයක් පවත්වා ගෙන ආ සම්ප්‍රදාය කඩ කරමින් මෙවර මැයි දින පෙළපාලිය ප්‍රථම වතාවට අවලංගු කිරීමට කියුබානු රජය කටයුතු කර ඇත.කියුබානු විප්ලවය 1959 වසරේදී දියත් කරන ලදි.

පසුගිය සති කීපයේදී කියුබාවේ ඉන්ධන හිඟය හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට දීර්ඝ පෝලිම් දක්නට ලැබුණු අතර ඉන්ධන ලබා ගැනීම සඳහා රියදුරෝ දවස් ගණන් පෝලිම්වල රැඳී සිටියහ.

කියුබාවේ ඉන්ධන අවශ්‍යතාවයෙන් තුනෙන් දෙකක් පමණක් ලැබෙන බවත් සැපයුම්කරුවන් ගිවිසුම්ගත බැඳීම් සපුරාලීමට අපොහොසත් වී ඇති බවත් පසුගිය අප්‍රේල් මස මුලදී කියබානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

034



අදහස් (4)

කියුබාවේ මැයි දිනේ අවලංගු කරයි

Sujeewa Monday, 01 May 2023 06:28 PM

ජෙප්න්ගේ සහ පෙරටුගාමීන්ගේ මහගෙදර වන් අසහාය නායක ෆිදෙල් කැස්ත්‍රෝෙග් කියුබාවට මොකද වෙලා තියෙන්නේ? අපිට බණ කියන්නේ නැතුව බැරිද ඔය ජෙප්පන් සහ පෙරටුගාමියන්ට කියුබාවට ගිහින්, ඔවුන්ගේ ආර්ථිකය ගොඩ ගන්න හැටි කියලා දෙන්න. ලංකාව අද ගමන් කන්නේ ලෝකේ ආර්ථිකයත් සමග බවත් අද මුලු ලෝකයටම අමාරු කාලයක් බවත් කියුබානු මහගෙදර මේ මෝඩ සියයට තුනේ ජෙප්පන්ට සහ පෙරටුගාමීන්ට මේ ප්‍රවෘත්තියෙන් අවධානය වනු ඇතැයි සිතමි.

:       11       22

Chalana Vimukthi Tuesday, 02 May 2023 06:14 AM

චීනය, වියට්නාමය ඉවරයි.

:       0       1

ආනන්ද Tuesday, 02 May 2023 04:59 AM

පිදෙල්කස්ත්‍රෝ ගේ කියුබානු විප්ලවය ආපස්සට හැරිලා!! ඉන්ධන හිගය නිසා මැයි දින පෙළපාලිය අවලංගු කිරීම මෙරටේ කියුබානු දාසලාට හොඳ පාඩමක්.ජෙප්පෙනි දැන්වත් යථාර්ථය තේරුම් ගන්න.ඔබලාගේ කාල් මාක්ස් හෙවත් හියුබත් දිසානායක ට අනුව කරෝලිස් මාරුක්කුගෙ ආර්ථික න්‍යායන් අදට ගැලපෙන්නේ නැහැ.

:       0       1

Bamunuarachchi Tuesday, 02 May 2023 11:36 AM

ජෙප්පෝ ලංකාවත්, කියුබාවක් කරන්න හදන්නේ? හැබැයි බලයට එන්න හදන්නේ ප්‍රජාතන්ත්‍ර වාදයේ එල්ලිලා. රුසියාවටත් එපා වුණු කොමියුනිස්ට් ක්‍රමය ලංකාවට මොන බම්බුවකටද ජෙප්පෝ? අනුර ලෝකේ රටවල් දියුණු වුනේ කොමියුනිස්ට් වෙලාද? නැතිනම් ජෙප්පෝ ඉඳලද? ලෝකේ කොමියුනිස්ට් රටවල් කොපමණ තිබෙනවද?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 497 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site