IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කායන්ගොල්ලෑව රක්ෂිතයේ නිදන් හෑරූ 5ක් මාට්ටු

(දයාරත්න ඇඹෝගම)

කායන්ගොල්ලෑව රජයේ රක්ෂිතයේ ගල්තලාවක නිදන් ලබාගැනිමේ අරමුණින් කැණිම් කරමින් සිටි පුද්ගලයන් පස් දෙනෙකු පුපුරණ ද්‍රව්‍ය ඇතුළු තවත් භාණ්ඩ කිහිපයක් සමග ඊයේ (11)දින අත්අඩංගුවට ගත්බව හොරොව්පොතාන පොලසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ සුරියවැව,හොරොව්පොතාන,ඇබිලිපිටිය,තනමල්විල හා මාවතගම පදිංචි වයස අවුරුදු 28ත් 58ත් අතර වියේ පසුවන පුද්ගලයන් පස්දෙනෙකි.

මෙම පුද්ගලයන් හොරොව්පොතාන,කායන්ගොල්ලෑව රජයේ රක්ෂිතයේ ගල්තලාවක නිදන් හාරමින් සිටින බවට පොලිසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලිමේදි සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.

පොලිසිය එම ස්ථානය වටලන අවස්ථාවේදි සැකකරුවන් නිදන් ලබාගැනිම සදහා ගල්තලාව අඩි 08 ක් පමණ ගැඹුරට හාරා තිබු බව පොලිසිය කියයි.

සැකකරැවන් ගල්තලාව පුපුරැවා හැරිමට ගෙන ආ ජෙලිග්නයිට් කුරූ හයක්,ඇමෝනියා කිලෝ එකක්, විදුලි ජෙනරේටරයක්,ග්‍රයින්ඩරයක් ඇතුළු ආම්පාන්න කිහිපයක් හා ඔවුන් පැමිණි වැන් රථයද පොලිසිය මෙහිදි සිය බාරයට ගෙන තිබේ.

සැකකරැවන් ඊයේ (11)දින කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරැව මේ මස 19 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකළ බවද පොලිසිය පැවසිය.

සිද්ධිය සම්බන්ධයෙන් හොරොව්පොතාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඩබ්.එම්.එන්.අයි.දයානන්ද මහතා ඇතුළු පොලිස් නිලධාරිහු පිරිසක් වැඩිදුර පරික්ෂණ පවත්වති.



අදහස් (0)

කායන්ගොල්ලෑව රක්ෂිතයේ නිදන් හෑරූ 5ක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 314 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 203 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site