IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


කිඹුල් බියෙන් පාරුවෙන් එගොඩ මෙගොඩ යන ගැමියෝ

(ප්‍රියන්ත දසනායක)

අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉඹුල්ගොඩ ග්‍රාම සේවා වසමේ ආරච්චිගෙවත්ත ගම්වාසීන් සෑම මසකම කිහිප වතාවක් සිය ගම්මානයට ඇති එකම පිවිසුම් මග ගංවතුරින් යටවීමෙන් දැඩි සේ පීඩා විදිති.

පවතින වැසි සහිත කාලගුණය නිසා නිල්වලා ගංගාවේ ප්‍රධාන අතුගංගාවක් වන දිගිලිය ගග පිටාර ගලා පහත් බිම් දින 05 තිස්සේ ගංවතුරින් යට වීම නිසා එහි බලපෑමට අක්කර 25ක පමණ වී වගා බිම් ගොදුරු වී ඇති බව ගොවිහු සංවිධාන පවසති.

එමෙන්ම නිල්වලා ගගේ සිටිනා දැවැන්ත කිඹුලන් ගංවතුර සැඩපහර නිසා මෙම ප්‍රදේශයට පැමිණ සැරිසැරීමට පටන් ගැනීම නිසා කිඹුල් බියෙන්ද ඇලලී ගොස් ජීවිත අවදානමක් හට ගෙන ඇතැයි ගම්වැසියෝ කියති.

අකුරැස්ස නගරයේ සිට කිලෝමීටර්යක් දුරින්  කැටැන්විල දෙසට ඇති ගංවතුරින් සැමදා යට වී කොටුවෙන අහිංසක මිනිසුන්ගේ ගම්මානයට තවමත් කිසිදු හව්හරණක් නොලැබුණු බව ගම්වාසීහුු පවසති. 

කෙසේවෙතත් අකුරැස්ස කැටැන්විල ප්‍රධාන මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කර ඇතත් වර්ෂාව ඇදවැටීමත් සමග පාසල් අධ්‍යාපනයත් බොහෝ පිරිසකට රැකියා සදහා යෑමත් ගැටලුවක් වන බව ප්‍රදේශවාසීහු කියති.

ගංවතුරින් යට වීමෙන් ගම්වාසී පවුල් 20ක පුද්ගලයින් 300ක පමණ පිරිසක් මින් දැඩි සේ පීඩාවට පත්ව තිබෙන බවත් කියති. හැකි ඉක්මනින් ගම්මානයේ භාවිතාට  අගුලක් වත් ලබා දීමට බළධාරීන්ගේ අවධානය යොමු කරවන්නැයි ගම්වාසීහු ඉල්ලති.

මේ සම්බන්ධයෙන් මාතර දිස්ත්‍රික් ආපධා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ලුතිනන් කර්නල් කේ.ඒ.ආරියවංශ මහතාගෙන් විමසීමේදී මෙසේ කීය.

"දින ගණනාවක් ගංවතුරින් අකුරැස්ස යට වී ඇති බව දන්නේ නෑ. ගම්වාසීන්ගෙන් අගුලක අවශ්‍යතාව ගැන ඉල්ලීම් ආවත් අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් එහෙම ඉල්ලීමක් ඇවිත් නෑ. රතු කුරුසයෙන් හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් අගුල් 15ක අවශ්‍යතාව ගැන ඉල්ලීම් කරලා තියෙන්නේ. ඒවා ලැබුණොත් ප්‍රමුඛතාවන් අනුව ලබා දෙනවා. කෙසේවෙතත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් එවැනි ඉල්ලීමක් ලැබෙන්නත් ඕන......" යැයිද කීය.


 



අදහස් (1)

කිඹුල් බියෙන් පාරුවෙන් එගොඩ මෙගොඩ යන ගැමියෝ

Nilantha Monday, 26 August 2024 07:38 AM

අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ ඉඹුල්ගොඩ වසමට ග්‍රාම නිළධාරි කෙනෙක් හෝ වැඩ බැලීමට කෙනෙක් නැතුව ඇති .නැත්නම් මාසිකව පවත්වන කොට්ඨාස දින රැස්වීමට එම ග්‍රාම නිළධාරි ප්‍රශ්නය ඉදිරිපත් කරාවිනේ. ග්‍රාම නිළධාරි කෙනෙක් ඉන්නවා නම් මේවා නොබැලීම සම්බන්ධයෙන් අනවධානය නොසැලකිල්ල හා අකාර්යක්ෂමතාවය වෙනුවෙන් විනයානුකූලව කටයුතු කිරීමට ප්‍රාදේශීය ලේකම් දිස්ත්‍රික් ලේකම් දැනුවත් කරන්න ඕන .එහෙම නොකරනවානම් ප්‍රාදේශීය ලේකම්ටටත් විනයානුකූලව දඩුවම් දියයුතුය

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 634 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1103 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site