(අංජුල මහික වීරරත්න)
උඩවලවේ ජලාශය යටතේ වගා කර ඇති කුඹුරු ඉඩම් අක්කර 50,000කට වැඩි ප්‍රමාණයක් මේ දිනවල දැඩි නියඟය හේතුවෙන් විනාශ වී යාමේ අවදානමකට මුහුණ පා ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
ජලය නොලැබීම නිසා කෙසෙල් හා අනෙකුත් බෝග වගාවන්ට සිදුවන හානිය සමස්තයක් ලෙස රුපියල් බිලියන 30ක් බවත් මෙම ප්‍රශ්නය නිසා මේ වසරේ සහල් නිෂ්පාදනයට දැඩි බලපෑමක් එල්ල විය හැකි බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
කෘෂිකර්ම, මහවැලි, වාරිමාර්ග හා විදුලි බල අමාත්‍යාංශ නිලධාරීන් සමග කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙි බව කීය.
මේ වනවිට සමනල වැව ජලාශයේ ජල ධාරිතාවය MCM 87.9 දක්වා පහත බැස ඇතැයි ද දින දහයක් ජලය නොලැබුනොත් එම ජල මට්ටම MCM 60 දක්වා පහත බසින අතර දකුණු පළාතට පැය 01 සිට 03 දක්වා වූ විදුලි කප්පාදුවක් කිරීමට ද සිදුවන බව විදුලි බල මණ්ඩල නිලධාරීන් කෘෂිකර්ම අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.
ජලය ප්‍රමාණවත් නොලැබීම නිසා ඉදිරි සතියක කාලයේ දී වී වගාවෙන් රුපියල් බිලියන 16.81ක අලාභයකුත්, විදුලිබල නිෂ්පාදනය අඩාලවීම නිසා රුපියල් බිලියන 1.6ක අලාභයකුත් සිදු විය හැකි බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවේදී හෙලිදරව් විය.
කෙසේ වුවද මෙම ගැටළුව සම්බන්ධව අමාත්‍ය මණ්ඩලය සමග සාකච්ඡා කර විසඳුමක් ලබා දීම සඳහා පියවර ගැනීමට සාකච්ඡාවේ දී සියලු එකඟත්වය පළ විය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
කුඹුරු අක්කර 5000ක් නියං රකුසාට බිලි
සුපුන් Friday, 28 July 2023 07:13 PM
එකම විසඳුම වැස්ස නම් ඔය ගොන් ඇමැතිලා එක්ක සාකච්ඡා කරා කියලා වැස්ස හම්බ වෙනවාද?
සල්ලි Saturday, 29 July 2023 03:31 PM
මහින්ද ඔබේ forecasting බිංදුවයි. ඕක පොඩි ළමයෙක්ට දුන්නා නම් යස අගේට කරයි.. සැප හැලෙන නිසා අකමැති නේ...?