(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
බස්නාහිර හැර සෙසු සියලූ පළාත්වල පාසල් දරුවන්ට ආහාර සැපයිම සැපයුම්කරුවන්ට මුදල් සැපයීමේ ප්‍රමාදය හේතුවෙන් නතරවී ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (26) පිළිගත්තේය.
ලෝක බැංකු අරමුදල ආහාර සැපයුම්කරුවන්ට මේ වර්ෂයේ පෙබරවාරි මාර්තු මාසවලට අදාලව රුපියල් කෝටි 87 ක මුදලක් ගෙවීමට කටයුතු කරගෙන යන බවද ඔහු සඳහන් කළේය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ජාතික ජනබලවේගයේ නායක මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ස්ථාවර නියෝග 27(2) යටතේ යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමිනි
ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙසේද සඳහන් කළේය.
සමහර පළාත්වල පාසල් ආහාරය සම්බන්ධයෙන් ගැටලු මතුවෙලා තියෙනවා. විශේෂයෙන්ම දකුණු පළාතේ පෙබරවාරි මාසේ ඉඳලා ආහාර සැපයුම් කරුවන්ට ගෙවීම් කරල නෑ. පෝෂණ වැඩසටහන සඳහා මිලියන දහසය දහසක මුදලක් පළාත් සභාවලට අයවැයෙන් වෙන්කරනු ලැබුවා. පෙබරවාරි මාසේ මිලියන 61 ක් ගෙවලා තියෙනවා. 2021 සියලු හිඟ ගෙවීම් ඉවර කරලා තිබුණා. පළාත් නවයේ පෙබරවාරි මාර්තු මුදල් අවශ්‍යතාවය රුපියල් මිලියන 875ක්. ලෝක බැංකු අරමුදලෙන් ඒ මුදල ඉදිරියේදී ගෙවනවා. ඒ නිසා එම ආහාර සැපයීමේ වැඩපිළිවෙළ නතර වන්නේ නැහැ. ඒක දිගටම යනවා.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කෑම නැති බව අධ්‍යාපන ඇමති පිළිගනී
dingiri banda Wednesday, 26 April 2023 04:02 PM
අවුරුදු 74ක් රට පාලනය කරලා ළමයෙකුට කෑමවේලක් දෙන්න බැරි අය... ඒකටත් ලෝක බැංකුවෙන් ආධාරයක් එනකම් ඉන්නවා.
දියවන්නාවේ කිබුලා Thursday, 27 April 2023 07:34 AM
අර නාකි අමනයෝ එහෙට මෙහෙට යන වාහන විකුනලා ලමයින්ට කන්ඩ දීපල්ලා. උන්ගේ බේබි පැටවු පිටරටට යවලා ඩොලර් හොයන් එන්න කියපල්ලා.