(සුජිත් හේවාජුලිගේ)
දිවයින පුරා කර්මාන්තශාලා විසි දාහකට වැඩි සංඛ්‍යාවක් කම්කරු දෙපාර්තමේන්තුවට ලියාපදිංචි ගාස්තු ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.
දිස්ත්‍රික් කර්මාන්තශාලා ඉංජිනේරු කාර්යාලයේ පවත්වාගෙන ගිය ගොනු 32948කින් 2022 වර්ෂය අවසාන වනවිට නව නීති අනුව ලියාපදිංචිවූ සංඛ්‍යාව 3153ක් බවද එම වාර්තාවේ දැක්වේ.
මෙම ගණනය කිරීම කර ඇත්තේ කර්මාන්ත ශාලාවක අවම ලියාපදිංචි ගාස්තුව රුපියල් දහසක් ලෙස ගණනය කරමින් බව කියති.
සාමාන්‍යයෙන් කර්මාන්තශාලා අයිතිකරුවන් 2019 සැප්තැම්බර් 27 දිනැති අංක 2142/90 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ විවිධානවලට අනුකූලව ලියාපදිංචි විය යුතු බව පැවසේ.
මේ අතර කර්මාන්තශාලා ආඥා පනතේ විධිවිධානවලට අනුව කටයුතු නොකිරීම හේතුවෙන් නඩු පැවරීමට 2010- 2018 කාල සීමාවේදී ගොනු පනස් දෙකක් ලැබී තිබූ නමුත් ඉන් නඩු පවරා තිබුණේ ගොනු එකොළහකට පමණක් බව ජාතික විගණන කාර්යාලය පවසයි.
2025 දෙසැම්බර් මස 18
408
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
236
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1024
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කම්හල් විසිදාහක් කම්කරු අංශයට පොලු තියලා