(සුජිත් හේවාජුලිගේ )
ආර්ථිකයේ කඩා වැටීම හේතුවෙන් මෙරටේ විවිධ කර්මාන්ත දෙලක්ෂ හැට තුන් දහස් දෙසීයක් පසුගිය වසර හතරක කාලයේදී (2019සිට 2022 දක්වා) වැසී ගොස් ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.
පසුගිය 2019 වසර ආරම්භ වනවිට ලංකාවේ ක්ෂුද්‍ර කුඩා සහ මධ්‍යම කර්මාන්තශාලා දහතුන් ලක්ෂ තුන්සීයක් පැවැති නමුත් 2022 අවසන් වනවිට එම සංඛ්‍යාව දස ලක්ෂ තිස් හත්දාස් එකසියක් දක්වා පහළ වැටී තිබූ බව එම සංඛ්‍යා ලේඛනවල දැක්වෙන්නේ යැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසීය.
මින් කර්මාන්තශාලා දෙලක්ෂ හාරදහස් එකසීයක් ස්ථිර ලෙසද කර්මාන්තශාලා 59100ක් තාවකාලික ලෙසද වසා දමා ඇති බව ඔහු කීවේය.
මෙසේ වසා දමා ඇති කර්මාන්ත අතර 254700ක් ක්ෂුද්‍ර කාණ්ඩයට අයත් ඒවා වෙයි. මීට අමතරව කුඩා කර්මාන්ත 7300ක්ද මධ්‍යම කර්මාන්ත 1100ක්ද වැසී ගොස් ඇතැයි මහාචාර්යවරයා කීවේය.
2025 දෙසැම්බර් මස 18
11
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
116
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කම්හල් දෙලක්ෂ හැට තුන්දාහක් වැහිලා
Aruna Manipura Saturday, 13 January 2024 08:08 AM
මෙම කාලය තුළ සුළු වරදවල් සඳහා සිරගතවුවන් සහ මන්ද පෝෂණයෙන් පෙළෙන සංඛ්‍යාවත් අතරත් මෙම කර්මාන්ත කඩා වැටීමත් අතරත් හොඳ සම්බන්ධයක් ඇති...!
Jeganathan Dhayalan Saturday, 13 January 2024 09:07 AM
අපේ රටේ නිෂ්පාදනය කළ හැකි කර්මාන්ත ශාලා සියල්ල වසා දමා, පිටරටින් ඒ දේවල් ආනයනය කිරීම තමයි අපේ රට බංකලොත් භාවයට පළමුවැනි හේතුව. මෙයට මෙතෙක් රට පාලනය කළ සියලුම දෙනා වගකිව යුතුයි.
Lankabarana Saturday, 13 January 2024 08:14 PM
විශේෂයෙන් විවෘත ආර්ථිකය ඇතිකිරීම මෙයට ප්‍රභලම හේතුවක් වුණා විවෘත ආර්ථිකය හරහා රටේ තියෙන එකයි, නැති එකයි රෝහල් අපද්‍රව්‍ය ඔක්කෝමයි හැම කුණුගොඩක්ම ගෙනාවා... මිනිසුන්ගේ වැඩක් අරගෙන ගමේ පාරෙ ඇලේ, දොලේ සංවර්ධන කටයුතු ජනසවිය හරහා ඉටුවුණා... ඒකට විරුද්ධව අතපය හකුලාගෙන ඔලුව දණිස්දෙක අස්සේ ගසාගෙන සියල්ලම සමෘධිමත් වෙන්න පහසුකම් සහිත රටේ ජනතාව හිඟන්නෝ බවට පත්වෙන සමුර්ධි ඇතිකළා දැනුත් නිකම්ම නිකං ඉඳගෙන කාපල්ලා කියලා අස්වැසුම ඔලුවට දාලා තියෙනවා.. ඒක ඇති හැකි එවුන්ටත් දෙනවා කියලා තමයි ආරංචිය...
සෞභාග්‍යයේ රටේ සංවර්ධනය Saturday, 13 January 2024 10:00 AM
බයවෙන්න එපා.. මොකද වෙනත් රටවල කර්මාන්ත සාර්ථකව කරනවා අපිට විනෝද වෙන්න IMF ණය ලැබෙනවා. උදාහරණයක් හැටියට කිව්වාම ලංකාවේ කම්කරුවෙක් දිනකට අමුදලු කිලෝ 18 නෙළා එයට ඩොලර් 1.18 ක් ගන්නවා. ඉන්දියාව වගේ රටවල් දිනකට අමුදලු කිලෝ 40-60ක් නෙලා ඩොලර් 1 කට ආසන්න ගණනක් ගන්නවා. ඉතින් කොහොමද ලංකාවේ කර්මාන්ත නොවැටී තියෙන්නේ? අනෙක් කර්මාන්ත වුණත් එහෙම තමයි. මේකට ඉතින් සමිති, සමාගම් අටවාගෙන කම්කරුවන් මත යැපෙන වෘත්තීය සමිති කාරයින් සම්පූර්ණයෙන්ම වගකිව යුතුයි...
පිනා Saturday, 13 January 2024 01:43 PM
බයවෙන්න එපා, රනිල්ව තව දෙතුන් පාරක් ජනාධිපති කරලා IMF එකෙන් තව 20 සැරයක් විතර ණය ගත්තා නම් ලංකාවේ ඔක්කොම ප්‍රශ්න විසඳෙයි...