IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කොමර්ෂල් බැංකුවෙන් වයිබර් බැංකුකරණ සේවා

 

වයිබර් තුළ තිබෙන එකිනෙකට ක්‍රියාකාරී කෘත්‍රිම බුද්ධි (Al) චැට්බොට් එකක් තුළින් කොමර්ෂල් බැංකුවේ ගනුදෙනුකරුවන් සහ ගනුදෙනුකරුවන් නොවන අයට ක්ෂණික බැංකු සේවා ලබාගැනීමේ අවස්ථාව ලබාදුන් ශ්‍රී ලංකාවේ පළමු බැංකුව බවට කොමර්ෂල් බැංකුව පත් වී ඇතැයි එම බැංකුව සඳහන් කරයි.  

මෙම සේවාව ආරම්භ කිරීමත් සමගම වයිබර් භාවිත කරන්නන්ට නිවාඩු දිනද ඇතුළත්ව ඕනෑම වේලාවක ඕනෑම තැනක සිට කොමර්ෂල් බැංකුවේ සේවා බාධාවකින් තොරව ලබාගැනීමේ අවස්ථාව හිමිවන බව බැංකුව සඳහන් කරයි. මෙම සේවාව ‘Bank with ComBank on Viber’ නමින් නම්කර තිබෙන අතර කොමර්ෂල් බැංකු ශාඛාවක් වෙත නොයා මූලික බැංකු සේවා මේ තුළින් ලබාගැනීමට හැකිය.   

ශ්‍රී ලංකාවේ සිටින වයිබර් භාවිත කරන්නන් සඳහා පුරෝගාමීව ආරම්භ කළ මෙම සේවාව පිළිබඳව කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ එස්. රෙන්ගනාදන් මහතා මෙසේ අදහස් දැක්වීය.

“ලියාපදිංචි භාවිත කරන්නන් මිලියන 15කට වැඩි පිරිසක් සමඟ ආසියානු ශාන්තිකර කළාපයේ වයිබර් වෙළෙඳපොළවල්වලින් මුල් පහ අතර ශ්‍රී ලංකාවත් සිටිනවා. ඒ නිසා, තාක්ෂණයෙන් ඉහළ බැංකුවක් ලෙස වඩාත් කාලීන විසඳුම් ගනුදෙනුකරුවන්ට ලබාදීමට කැපවීමක් ලෙස මෙම ජනප්‍රිය සේවාව තුළින් බැංකු සේවා ලබාදීම වඩාත් තර්කානුකූල පියවරක් ලෙස සඳහන් කළ හැකියි. මෙය බැංකුවේ සමාජ ජාලා බැංකුකරණ මෙහෙයුම් කටයුතුවල තවත් සංධිස්ථානයක් වෙනවා.”   

මේ අනුව, ‘Bank with ComBank on Viber’ සේවාව භාවිත කිරීම සඳහා පළමුවෙන්ම  ‘App Store’ yd  ‘Google Play’ මගින් තමන්ගේ ස්මාර්ට් ජංගම දුරකතනයට වයිබර් ඇප් එක ඉන්ස්ටෝල් කර ඉන්පසුව, ‘Bank with ComBank on Viber’ සේවාව සර්ච් කළ යුතු වේ.



අදහස් (0)

කොමර්ෂල් බැංකුවෙන් වයිබර් බැංකුකරණ සේවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site