IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


කොමියුනිස්ට් පක්‍ෂයේ සහය දිලිත් ජයවීරට

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්‍ෂය ඉදිරි ජනාධිපතිවරණයේදී ‘සර්වජන බලය’ සන්ධානයෙන් තරග කරන දිලිත් ජයවීර මහතාට සම්පූර්ණ සහයෝගය දෙන බවත් ජයවීර මහතා කොමියුනිස්ට් පක්‍ෂයේ ලකුණ වන ‘තරුව’ ලකුණෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවත් ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්‍ෂයේ ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ මහතා අද (21) පැවසීය.

වෛද්‍ය ජී. වීරසිංහ මහතා බොරැල්ලේ පිහිටි ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්‍ෂ මූලස්ථානයේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එසේ පැවසීය.

එම පක්‍ෂයේ අදහස් සමඟ කිට්ටුවෙන් යන පක්‍ෂ රැසක් එකතුව සිටින ‘සර්වජන බලය’ සන්ධානයට එකතු වූ බවත් ජනාධිපතිවරණයේදී තරග කිරීමට එම පක්‍ෂයේ ලකුණ වන ‘තරුව’ ලකුණ ජයවීර මහතා ඉල්ලා සිටි බවත් වීරසිංහ මහතා කීය.  

‘සර්වජන බලය’ සන්ධානයේ සෙසු පක්‍ෂ වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණදී සිටින ආර්බුය විග්‍රහ කරන ආකාරය පිළිබඳව එකඟතාවක් ඇති බවත් මෙම අර්බුදයට හේතුව නව ලිබරල්වාදී ආර්ථික උපායමාර්ග යැයි එම පක්‍ෂ පිළිගන්නා බවත් වීරසිංහ මහතා සඳහන් කළේය.

රට නිෂ්පාදන ආර්ථිකයට යෑම, ආර්ථිකය තුළ රාජ්‍ය, සමුපකාර සහ පෞද්ගලික යන අංශය තිබිය යුතු යැයි එම පක්‍ෂ පිළිගන්නා බව කී වීරසිංහ මහතා පැවසුවේ එම පක්‍ෂ අතර දේශපාලන ප්‍රතිසංස්කරණ සඳහා එකඟතාවක් ඇති බවත්ය. 



අදහස් (9)

කොමියුනිස්ට් පක්‍ෂයේ සහය දිලිත් ජයවීරට

ගමේ එකාලා Wednesday, 21 August 2024 08:57 PM

කොමියුනිස්ට් පක්ෂයක් තියෙනවද ? තිබුනත් කී දෙනෙක් ඉන්නවද කියලා කවුද දන්නෙ ?

:       24       18

Prabha Wednesday, 21 August 2024 10:49 PM

ඕකේ ඉතුරු වෙලා තියෙන්නේ බෝඩ් ලෑල්ල විතරයි නේද ?

:       0       9

තුඩාවගේThursday, 22 August 2024 06:42 AM

මාත් අහන්න හිටියෙ ඒකම තමයි .සුගීස්වර වික්‍රමසිංහ උන්නැහේ හිටපු කාලයේ නම් පක්ෂය තිබුනා කියලා හිතෙනවා. ඒත් කරපු කිසිවක් නැති පක්ෂයේ හිටපු උප නායක කෙනෙක් අධ්‍යාපන උප ඇමති වෙලා පාසලේ අධ්‍යාපන ප්‍රදර්ශනක් බලන්න ආවා .කාර්‍යාලය ඉදිරියේ කුඩා ලියද්දක් සකසා වී වගාව කරල තිබුනා .ඉතින් ඒ මිනිහා ඒක දැකල අහන්නෙ ගොයම් කොළයට ඇයි කියලා තමයි .මේක කියන්නෙ ඒ වෙලාවෙ එතන හිටපු කෙනෙක් හැටියට තමයි .ඒ පක්ෂයේ මිනිස්සුන්ට කොලපාටට අඅප්‍රසාදය පලකලේ එහෙම තමයි

:       1       2

සමන් Wednesday, 21 August 2024 10:24 PM

ජයවේවා දිලිත් සහෝදරයා. විමල් උදයලා ඔබට ශක්තියක්.....

:       7       2

B Amarasinghe Thursday, 22 August 2024 01:57 AM

කොමිනිස් පක්ෂයත් නොමිනිස් වෙලාද?

:       1       4

සෙනෙවිරත්න Thursday, 22 August 2024 03:28 AM

එහෙම පක්ෂයක් නැහැ, සෙලවෙන මනස කියන්නෙ ඕකටම තමයි.

:       0       5

chandima Thursday, 22 August 2024 05:54 AM

අර්බුධය විග්‍රහ කරලා කන්නද . අර්බුධය විසඳන විදිය කියන්න .එහෙම නැතුව මම දන්නවා කිව්ව පලියට මලාට කවදාවත් කරලා නැති කෙනෙක් එලවන බස් එකකට නැගලා බෙල්ල කඩාගන්න බැහැ

:       1       2

Lalla Thursday, 22 August 2024 09:48 AM

ත්‍රී රෝද රථ පක්‍ෂ එකතුවක්...ඕකට අගමැතිගේ පක්‍ෂයත් එකතු කර ගත්ත නම් ප්රාඥයෙකුත් ඉන්නව නේද... ජය වේවා.

:       1       2

Rohana Thursday, 22 August 2024 12:09 PM

සර්වජන බලයට කොමියුනිස්ට් පක්ෂයේ තරුව ලකුණ ගන්න නීතිමය බලයක් තියෙනවද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 625 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site