IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කම්බා හොරෙක් බෙම්මුල්ලෙන් අල්ලයි

(තිලකරත්න දිසානායක සහ එස්.යූ.ඩබ්ලිව්.කේ. ජයවර්ධන)

දිවයිනෙහි විවිධ ප්‍රදේශයන්හිදී ගෙවල් බිදුම් දිචු කළ 12 වතාවක් වරෙන්තු ලබා ඇති  කොල්ලකරුවකු  අත් අඩංගුවට ගත් බව බෙම්මුල්ල පොලීසිය සඳහන් කරයි.

හොරොව්පොතාන ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවකු වන 33 හැවිරිදි සැකකරු අනුරාධපුර , කැබිතිගොල්ලෑව , ගම්පහ, බෙම්මුල්ල, මීරිගම, කැලණිය, ජාඇල , කිරිබත්ගොඩ , කටුනායක , සීදුව, රාගම ,යක්කල යන ප්‍රදේශය ඇතුලු ප්‍රදේශ කිහිපයකදීම සිදු කළ සොරකම් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනීමට වරෙන්තු 12 ක් නිකුත් කොට ඇති බවත් මොහු දෙවරක් බන්ධනාගාරයෙන් පළාවිත් සිටින අයකු බවට අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි. 

සොරකම්කරන ලද භාණ්ඩ තොගයක් අත් අඩංගුවට ගෙන ඇති බවත් පොලීසිය පවසයි.

මෙම භාණ්ඩ අතර යතුරු පැදියක් , රන් භාණ්ඩ, ගෑස් සිලින්ඩර්, වටිනා ජංගම දුරකථන සහ අත් ඔරලෝසු, පිත්තල භාණ්ඩ ඇතුලු රුපියල් කෝටි දෙකක් පමණ වටිනා විවිධ දෑ පවතින බවත් 4 වන ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබා ඇති මොහු ඉංජිනේරුවරයකු ලෙස පෙනී සිටිමින් ජාතික හැඳුනුම්පතක්ද සකසා ගෙන රන් භාණ්ඩ කොළඹ හෙට්ටිවීදියට අලෙවි කොට ඇති බවට අනාවරණය වූ බවද පොලීසිය කියයි.

සැකකරු බෙම්මුල්ල දී සැකපිට අත් අඩංගුවට ගැනීමෙන් අනතුරුව කළ ප්‍රශ්න කිරීමේදී රට පුරා සිදු කළ සොරකම් වැලක් සම්බන්ධයෙන් හෙළි කර ගැනීමට හැකිවූ බවද පොලීසිය සඳහන් කරයි.

 



අදහස් (2)

කම්බා හොරෙක් බෙම්මුල්ලෙන් අල්ලයි

විපරමා Sunday, 09 July 2023 02:13 PM

හරියට අල්ලනවා නම් ඔයිට වැඩිය රටම කාපු හොරු දියවන්නාවේත් ඉන්නවා...

:       0       7

Rata Perata Sunday, 09 July 2023 03:42 PM

මේ මොන චූටි හොරෙක්ද? මහබැංකු හොරුත් ඉන්න රටේ. කෝටි 2ක් හොරකම් කළ කෙනෙක් අල්ලගෙන ලැජ්ජා නැතිව පින්තූර ගන්නවා. බිලියන ගණන් හොරකම් කරපු සල්ලි වලින් සැප විඳිනවා. එකෙක්ට පේන්නේ නැහැ...

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site