IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කොම්පඤ්ඤ වීදියටම නිකං කන්න දෙන කුස්සිය

(අංජුල මහික වීරරත්න)

කොම්පඤ්ඤ වීදිය පොලිස් බල ප්‍රදේශයේ අඩු ආදායම් ලබන පවුල් 2500ක් සඳහා සහන සලසන "ප්‍රජා මුළුතැන්ගෙය" වැඩසටහන කොළඹ  හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී ඇරඹිණි.

ආහාර සපයා ගැනීමට අපහසුතා ඇති  හුණුපිටිය, කොම්පඤ්ඤවීදිය, ගාලු මුවදොර, ඉබ්බන්වල සහ වෑකන්ද ග්‍රාම නිලධාරී  වසම් වල ජනතාව ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක  මෙම වැඩසටහන ජනවාරි 01 දා සිට දින 40ක් ක්‍රියාත්මක කිරීමට නියමිතය. 

මෙහිදී  ස්වයං රැකියා අවස්ථා නිර්මාණය, වෘත්තිය පුහුණුව ලබාදීම, සාමාජීය දියුණුව සැලසීම වැනි සුබසාධන වැඩසටහන් මගින් ජනතාවගේ ආර්ථික තත්වයන් ඉහල නංවාලීමට පියවර ගෙන තිබෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.

ජනාධිපති කාර්යාලය මූලික කරගනිමින් ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සහ  රජයේ ආයතන මෙන්ම,  ජාත්‍යන්තර සිංහ සමාජය, රොටරි සමාජය සහ පෞද්ගලික ආයතන රැසක සහයෝගයෙන් ගංගාරාම විහාරස්ථ දායක කාරකාදීන්ගේ දායකත්වයෙන් මෙම ප්‍රජා මුළුතැන්ගෙය ක්‍රියාත්මක වේ. 



අදහස් (4)

කොම්පඤ්ඤ වීදියටම නිකං කන්න දෙන කුස්සිය

AB Monday, 02 January 2023 07:24 PM

කමියුනිටි කිචන් සංකල්පය සහ වැඩසටහන අගය කරමු !

:       0       0

siri Tuesday, 03 January 2023 02:18 AM

වැඩේන්නම් ඉතා හොඳ දෙයක්. හැබැයි ඉතින් වීඩියෝ කරලා ප්‍රචාරයක් ලබාගන්න බලාපොරොත්තුවෙන් පමණක් ක්‍රියාත්මක කරලා නම් හරියන්නේ නැහැ. මේක මුළු රට පුරාම ක්‍රියාත්මක කරන්න අවශ්‍ය වැඩක්. නන්දිකඩාල් වීරයෝ ඔතන මොනවද කරන්නේ කියලනම් තේරෙන්නේ නැහැ. චන්දයක් ඉල්ලන්නන වත් බලාපොරොත්තු වෙනවා වත්ද ?

:       0       3

sharm warn Tuesday, 03 January 2023 10:06 AM

පව් ඉතින්. . අරගලයෙන් කොපි කරගෙන පොරවල් වෙන්න හඩනව.. චන්ද ටික බෙර ගන්න වෙන්න ඇති..

:       1       2

sena Tuesday, 03 January 2023 10:49 AM

පුදුම හොරු ටිකක් කමියුනිටි කිචන් කියන නමයි ඔය සංකල්පයයි දෙකම අයිති වෙන කාටදෝ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 171 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site