IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


කොම්පඤ්ඤවීදිය වැඩ බිමකින් ‘‘ඩෙල්ටා‘‘ ආසාදිතයෝ දෙකක්

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)

ඩෙල්ටා සැර කොරෝනා වයිරස් ප්‍රභේදය ආසාදනයවූ තවත් දෙදෙනකු කොළඹ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ ඉදිකිරීම් වැඩ බිමකින් හමුවී ඇතැයි මැද කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

මේ ආසාදිතයන් දෙදෙනා හමුවීමෙන් පසුව එම ඉදිකිරීම් වැඩබිම තාවකාලිකව වසා දමා ඔවුන්ට ආශ්‍රිතවූ සේවකයන් 46 දෙනෙකු නිරෝධායනයට යොමුකළ බව එම කාර්යාලයේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

ඩෙල්ටා සැර කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයෙක් කහතුඩුව ජයලිගම ප්‍රදේශයෙන් පෙරේදා(28)සොයා ගනු ලැබීය. එම ආසාදිතයාද මෙම ඉදිකිරීම් වැඩබිමේ පෙදරේරුවකු බවට තොරතුරු හෙළිවී ඇත.

ඩෙල්ටා ආසාදිතයෝ තිදෙනාම පූනානි ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයකට ඇතුළත් කරනු ලැබ සිටිති .

මෙම ඉදිකිරීම් වැඩ බිමේ සේවකයෝ 46 දෙනෙක් සෞඛ්‍ය අංශ විසින් අහඹු ලෙස තෝරාගෙන පී.සී.ආර් පරීක්ෂණවලට පසුගිය දිනවල යොමු කරනු ලැබූහ.එම පිරිසෙන් හය දෙනකුට කොරෝනා ආසාදනයවී ඇතැයි ඒ පරීක්ෂණ මගින් හඳුනා ගැනිණ.

ඩෙල්ටා ප්‍රභේදය ආසාදනයවූ තිදෙනා සිටින්නේද එම හය දෙනා අතරේ යැයි සෞඛ්‍ය අංශ පවසයි.

ඩෙල්ටා කොවිඩ් ආසාදිතයන්ගේ ආශ්‍රිතයෝ කොළොන්නාව, වෑකන්ද සහ පොලිස් මාවත යන ප්‍රදේශවල නවාතැන් මධ්‍යස්ථාන තුනක නිරෝධායනයට යොමු කරනු ලැබ සිටිති.

මේ අතර ඩෙල්ටා සැර කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයෝ හත් දෙනෙක් සෞඛ්‍ය අංශ විසින් මෙයට පෙර සොයා ගනු ලැබූහ.ඉන් පස්දෙනකු දෙමටගොඩ ප්‍රදේශයෙන්ද අනෙක් දෙදෙනා නිරෝධායන මධ්‍යස්ථානවලින්ද මෙසේ සොයාගෙන තිබිණ.

මේ සම්බන්ධයෙන් මැද කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ධම්මික අධිකාරිවත්ත මහතාගේ උපදෙස් මත මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන්ත කුමාර මහතා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වති .

 



අදහස් (3)

කොම්පඤ්ඤවීදිය වැඩ බිමකින් ‘‘ඩෙල්ටා‘‘ ආසාදිතයෝ දෙකක්

kapila Tuesday, 29 June 2021 11:02 PM

රජයේ නොසැලකිල්ල නිසා අවුරුදු පොකුර හැදුණා වගේ දැන් ඩෙල්ටා පොකුරක් හැදෙන්නයි යන්නේ. වැඩබිම වැහුවාට ඒ අවට මොකද වෙන්නේ...? මෙතැනින් කහතුඩුවට ගියානම් තව කොහේ ගිහින් ඇත්ද?. ඩෙල්ටා අති භායනක නම් මීට වඩා ඉක්මන් තීරණ ගන්න වෙනවා.

:       0       0

Demuni Uduwara Wednesday, 30 June 2021 01:52 AM

ඩෙල්ටා ප්‍රභේදය වඩාත් අනතුරුදායකයි. සෞඛ්‍ය නීතිරීති දැඩිව පිළිපදින්න...!

:       0       0

Sri Lanka Wednesday, 30 June 2021 12:55 PM

ලංකාවේ දැන් කරන්නේ කොහේහරි වැඩ කරන තැනක් හොයන් ගිහිල්ලා පීසීආර්. කරලා සෙම කාරයෝ කීපදෙනෙක් හොයන් එම වැඩපළ වහනවා. මේ ඔක්කොම කරන්නේ පිටරටවල් ගොඩදාන්න. අන්තිමට පිටරටින් කන්න අඳින්න ගේනවා. අනිත් රටවල් හොඳට වැඩ... අපි ඔක්කොම වහලා කොරෝනා විකුණනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 349 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site