(අංජුල මහික වීරරත්න)
සියලුම වල් නාශක හා කෘමිනාශක වල මිල සියයට 20කින් අඩු කිරීමටත්, ඇතැම් පළිබෝධ නාශකවල මිල ගණන් සියයට 40ක් දක්වා සහන මුදලකට ලබා දීමටත් සමාගම් එකඟත්වය පළ කළ බව කෘෂිකර්ම අමාත්යාංාශය පවසයි.
මෙවර යල කන්නයේ දී කෘමිනාශක හා වල්නාශක මිල ගණන් අවම කිරීම සඳහා කෘෂිකර්ම අමාත්ය් මහින්ද අමරවීර මහතාගේ ප්රශධානත්වයෙන් කෘෂිකර්ම අමාත්යාංාශයේ පැවැති සාකච්ඡාවකදී මෙම එකඟතාවයට එළඹ ඇත.
දැනට ලෝක වෙළෙඳපොළේ කෘමිනාශක හා වල්නාශක මිල ගණන් අවමවීම, ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීම හා ආනයනය අවශ්යනතා සඳහා රජය විසීන් ඩොලර් නිදහස් කිරීම වැනි කටයුතු නිසා මිල ගණන් අවම කළ හැකි බව අමාත්යාවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
එමෙන්ම රටට හොරෙන් ගෙන එනු ලබන පලිබෝධ නාශක වැටලීම් කඩිනම් කිරීම මෙන්ම ඒ සඳහා නාවික හමුදාවේ සහයෝගය ලබා ගැනීමට ද තීරණය කළේය.
ප්රමමිතියෙන් තොර පළිබෝධ නාශක අලෙවි කරන ආයතනවල බලපත්රනය තහනම් කරන ලෙසත්, දැනට පලිබෝධ නාශක පනත යටතේ ලබා දිය හැකි දඩුවම් වැඩි කිරීම සඳහා සිදු කරන සංශෝධන කඩිනම් කරන ලෙස අමාත්යත මහින්ද අමරවීර මහතා පළිබෝධනාශක රෙජිස්ට්රාකර්වරයාට උපදෙස් දුන්නේය.
2025 දෙසැම්බර් මස 18
468
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
251
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1042
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෘමිනාශක -වල්නාශක මිල අඩුවෙයි