
(ෂේන් සෙනෙවිරත්න)
පොත්තපිටිය මැණික්දිවල තිරුවානාකන්ද ප්‍රදේශයේ පදිංචි යුද හමුදා කමාන්ඩෝ සෙබළකු නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයන ලද මුදලින් මිලදී ගත් බව කියන ලක්ෂ 30 ක් පමණ වටිනා දේපොළ මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ .
එම දේපොළ අතර සුඛෝපභෝගී ආකාරයට නවීකරණය කරන ලද ලක්ෂ 10 ක් පමණ වටිනා ත්‍රිරෝද රථයක්, ලක්ෂ 20 ක් පමණ වටිනා යතුරුපැදි තුනක් ද තිබෙන බව පොලිසිය කියයි .
එම කමාන්ඩෝ සෙබළා සතු මැණික්දිවල තිරුවානාකන්ද ප්‍රදේශයේ ඇති රුපියල් කෝටි එකහමාරකටත් වඩා වටිනා නිවස සහ භාණ්ඩ උපයා ගත් ආකාරය සම්බන්ධයෙන්ද පොලිස් විමර්ශන ආරම්භ වී ඇති අතර ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව එම දේපොළද රාජසන්තක කිරීමට පියවර ගන්නා බව පොලිසිය කියයි .
එම කමාන්ඩෝ සෙබළා මත්ද්‍රව්‍ය චෝදනා මත දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින අතර ඔහුට එරෙහිව ඉහළ උසාවි වල මත්ද්‍රව්‍ය චෝදනා නඩු ගණනාවක් ඇති බවද පොලිසිය කියයි .


2025 දෙසැම්බර් මස 18
555
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කමාන්ඩෝ සෙබළාගේ දේපළ පොලිස් බාරයට
බටගොඩ දොන් සිමන් Monday, 01 July 2024 05:31 PM
කුඩු විකුණපු සෙබළා ගේ දේපල… නොදකින් විතරක් රටේ තරුණ පරපුර බිළිගන්නා පාපතරයින්! කුඩු ගෙන්නපු ඇමැතිතුමාලගේ දේපළ මොකෝ වෙන්නේ? දන්නේ නැති නිසයි ඇහුවේ...!
SARATH ANANDA Monday, 01 July 2024 07:25 PM
සුඛෝපභෝගී ආකාරයට නවීකරණය කරන ලද ලක්ෂ 10 ක් පමණ වටිනා ත්‍රිරෝද රථයක්
sachith Monday, 01 July 2024 07:49 PM
රට තියෙන්නේ කොතනද කියන එක"සුඛෝපභෝගී ආකාරයට නවීකරණය කරන ලද ලක්ෂ 10 ක් පමණ වටිනා ත්‍රිරෝද රථයක්" මේකෙන්ම පේනවා
Indra Tuesday, 02 July 2024 08:11 AM
එම සෙබලා හම්බ කරගත් සියල්ල රාජ සන්තක කරන්න තරම්...??? එතරම්ම හොදට අහිංසකයින්ට විතරක් නීතිය ක්‍රියාත්මක වෙන රටක් මේක. මැති ඇමැතිවරු ඇතුලු රාජ්‍ය පරිපාලනය නීත්‍යානුකූලව රටේ සල්ලි හොරා කනව. පාරක් හැදුවත් 10% කොමිස් යනව ප්‍රා. සභාපතිට. අමතර ගැහිලි. කියල වැඩක් නෑ ලංකාව ගැන නම්. දුකයි රට පත්කල තැන. ලෝකෙම සිහින දේශය, සුරපුරය, වෙන්න තිබ්බ රටක් ලෝකෙම අඳුරු දේශය කරල ඉවරයි. පුලුවන් පුලුවන් එකා රට හරි පනිනව. ඒත් ජන්ම බූමිය හැර යන එකත් වාවන්න බැරි දුකක්. පවුල් ගොඩ ගන්න රට ගියාට තව පැත්තකින් කඩා වැටෙනව. ලියන්න නම් දාහක් දේවල්. මේ සෙබලාගෙ වැරද්ද හෝ නිවරැද්ද නොවෙයි කිව්වේ.රටේ නීතිය බල්ලට ගිහින් හාමැස්සන්ට විතරයි ක්‍රියාත්මක.
Sarath chandra Tuesday, 02 July 2024 08:58 AM
ඔහොම පොඩි එකෙක්ගේ දෙපළ රාජසන්තක කරනවානම් රටට කූඩු ගෙන්වන මහඋන්ට මොනවද මහත්තයෝ කරන්නේ. හැමදාම කලේ ඔයවගේ බාල වැඩ.. අල්ලන්නකෝ රටට ඕවා ගෙන්වන මහ උන්. ඒවාට පෙන්නේ නෑ අහුවෙන්නේ නෑ දකින්නේ නෑ. ලැජ්ජයි.
fairoos Tuesday, 02 July 2024 10:53 AM
උඩ අදහස් දාලා තියෙන අයගේත් වත්කම් හොයලා බලන්න වෙයි.
මෝඩ නුවර Tuesday, 02 July 2024 11:07 AM
හැමදාම මහ එවුන් මහ එවුන් කියලා කිව්වාට වැඩක් නැහැ නම් කරන්න ජනතාවට දැනගන්නට...
හරිස්චන්ද්‍ර Tuesday, 02 July 2024 01:09 PM
හල්මස්සෙක් අල්ලාගෙන පත්තරෙත් දානවා. කිලෝ 100,200 ගේන ඒවා ගෙන්නන අය නිදැල්ලේ සාමකාමිව වැඩේ කරගෙන යනවා.