IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කම්ජිපාණීට ඇප වූ පියාට ලක්ෂ 20ක දඩයක්

(රෝෂන් තුෂාර)

මීට වසර එකහමාරකට පෙර ඇප ලැබීමෙන් පසුව හොර රහසේ බෝට්ටුවකින් විදේශයකට පලා ගිය අපරාද කල්ලි නායකයකු හා කුඩු ජාවාරම්කාරයකු යැයි ප්‍රකට මොහොමඩ් ඉම්‍ රාන් මොහොමඩ් කාසිම් නොහොත් කම්ජිපාණී ඉම්රාන්ගේ පියාට රුපියල් ලක්ෂ විස්සක දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා අද (28) නියම කළේය.

ඉම්රාන් සැකකරු අධිකරණයට ඉදිරිපත් නොකිරීම යන කරුණ පදනම් කරගෙන මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන්ට මෙම දඩය නියම කළ මහේස්ත්‍රාත්වරයා සැකකරු අධිකරණයට ඉදිරිපත් නොකළහොත් ඇප රාජසන්තක කරන බවද දන්වා සිටියේය.

පොලිස් නිලධාරියකුගේ රාජකාරියට බාධා කරමින් බලපෑම් කිරීමට එරෙහිව පැවරූ නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම දඩය නියම කෙරිණි.

මෙම නඩුව  කැඳවූ අවස්ථාවේදී සැකකරුගේ ඇපකරු ලෙස රුපියල් ලක්ෂ හතලිහක ශරීර ඇපයකට අත්සන් කළ මොහොමඩ් නජීම් වන්දනා ගමනක් යෑම සඳහා විදේශගතවීමට අවසර ලබාදෙන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

අදාළ අවසරය ලබාදීමට පෙර සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට හැකියාවක් ඇත්දැයි අධිකරණයෙන් විමසා සිටියේය.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට හැකියාවක් නොමැති බවට ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු අධිකරණය මගහැර පලායෑම ,ඇපකරුට සැකකරු ඉදිරිපත් කිරීමට නොහැකිවීම යන කරුණු මත ඇප රාජසන්තක කිරීමට කටයුතු කරන බව සඳහන් කළේය.

නැතහොත් අදාල ඇපය දඩයක් ලෙස ගෙවන ලෙසට නියම කළේය.

ලක්ෂ 40ක මුදලක් තැන්පත් කිරීමට නොහැකි බව ඇපකරු අධිකරණයට දන්වා සිටියේය. කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා රුපියල් ලක්ෂ විස්සක දඩයක් ඇපකරුට නියම කරමින් විදේශගතවීමට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

 



අදහස් (1)

කම්ජිපාණීට ඇප වූ පියාට ලක්ෂ 20ක දඩයක්

රංබොඩ Wednesday, 29 May 2024 09:38 AM

පැනලා යන වග හොඳින්ම දැනගෙන ඇප දීපු අයටත් දඩයක් ගහමුද ? මේ හාදයා නම් කුඩුු සල්ලි වලින් ඒක ගෙවයි

:       0       58

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 497 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site