
(රංජිත් රාජපක්ෂ)
අලිගැටපේර ප්‍රවාහනය කරමින් තිබූ කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 50ක් පමණ පහළින් වූ තේ වත්තට පෙරැලීමෙන් එම කැබ් රථයේ රියදුරා සහ කැබ් රථයේ ගමන් ගත් අයෙක් තුවාල ලබා වටවල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කළ බව හැටන් පොලිසිය පැවසීය.
අද (16) දින අලුයම 4:00ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් ස්ත්‍රැඩන් වත්ත ප්‍රදේශයේදීය.
හැටන් ප්‍රදේශයේ ජනපද සහ වතු ආශ්‍රිත ප්‍රදේශවල අලිගැටපේර මිලදී ගෙන එය අලෙවි කිරිම සදහා කොළඹ දක්වා ප්‍රවාහනය කරන අතරතුර, ධාවනය වෙමින් තිබූ කැබ් රථයේ හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් කැබ් රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වු බව අනතුර පිලිබද පරික්ෂණ පවත්වන හැටන් පොලිසිය කියා සිටියේය.
කැබ් රථය අනතුරට පත්වන අවස්ථාවේ කැබ් රථයේ සිව් දෙනෙකු ගමන් කර තිබේ.

2025 නොවැම්බර් මස 04
674
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2337
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1725
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කැබ් රිය පෙරැළෙයි :දෙන්නෙක් රෝහලේ