IMG-LOGO

කබ්රාල්ට ඇප

(නිමන්ති රණසිංහ)

ශ්‍රී ලංකා රජයට අයත් ඇමරිකානු ඩොලර් මිලියන 65 ක මුදලක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නොතිසි මත අධිකරණයේ පෙනී සිටි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා රුපියල් මිලියන 10 ක ශරීර ඇපයක් මත මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (07) නියෝග කළේය.

මෙම සිද්ධියට අදාළව නව පැමිණිල්ලක් ගොනු කිරීමට ද අධිකරණය පැමිණිල්ලට නියම කළේය.

නුගේගොඩ නාලන්දාරාමාධිපති  තීනියාවල පාලිත හිමියන්ගේ. පෞද්ගලික  පැමිණිල්ලකට අනුව හිටපු මහ බැංකු අධිපතිවරයාට අධිකරණය මගින් මෙසේ නොතීසි නිකුත් කෙරුණේ ඉකුත් 25 වැනිදාය.

ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ගොඩ නැංවීමේ අරමුණ ට මුවා වී එවකට ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ව කරමින් 2014 වර්ෂයේ දී ශ්‍රී ලංකා මහ බැංකුවට අයත් ඇමරිකානු ඩොලර් මිලියන 6.5 ක මුදලක් ඇමරිකානු සී අයි ඒ ඔත්තු සේවයේ නියුතුව සිටි අහම්ඩ් ස්බ්‍රිරි යන අයට ගෙවා ඇති බව පැමිණිලිකරු සිය පැමිණිල්ලෙන් ඉදිරිපත් කර ඇත .

(ඡායාරූප: ළහිරු හර්ෂණ)



අදහස් (6)

කබ්රාල්ට ඇප

ravin Tuesday, 07 June 2022 11:44 AM

රාජ්‍ය දේපල අවභාවිතය බරපතල වැරැද්දක් නොවෙයිද? දන්නෙ නැති හින්දයි අහන්නෙ.

:       1       12

fairoos Tuesday, 07 June 2022 12:20 PM

නිකන් කාලය නාස්ති කරන්නේ නැතුව නිදහස් කරලා දැම්මානම් ඉවරයි

:       1       5

ranjith Tuesday, 07 June 2022 12:23 PM

මේ වගේ කාලකන්නි කරපු වැඩ නිසා නේද අද ඒ රටේ දෙකෝටියකට වැඩි ජනගහනයක් දුක් විඳින්නේ

:       1       7

විපරමා Tuesday, 07 June 2022 01:27 PM

රටම ආර්තික අර්බූදයකට පත් කරලා නැති කරපු කෙනෙක්. හරිනම් හිරේ දාන්ඩයි තියෙන්නේ ?

:       1       7

ජුනයිඩ් Tuesday, 07 June 2022 02:23 PM

එතකොට තිනියාවල පාලිත, ඔයාගෙ හුරතල් රනිල්, රවි, අර්ජුන්ලා සැට් එක වගේ මහ බැංකු හොරුන්ට නඩු දාන්නෙ නැතෙයි?

:       1       1

gagana Tuesday, 07 June 2022 02:41 PM

මෙයා මෙච්චරකල් හිරේද හිටියේ ඇප ලබන්න?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 375 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 85 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 267 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site