IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


කාබනික පොහොර ටොන් ගණනින් කෙලවරපිටියේ ගොඩගැහිලා

(සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ  කෙරවලපිටිය ගබඩාවේ  කොම්පෝස්ට් පොහොර ටොන් දාහක් පමණ ගොඩ ගැසී ඇතත් ඒවා  මිලදී ගැනීමට කිසිවකු ඉදිරිපත් නොවීමෙන්  විනාශ වීමේ අවදානමක් මතුව ඇතැයි පරිසරය ස්වභාවික සම්පත් සහතිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ගම්පහ දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය.

කොම්පෝස්ට් ටොන් ලක්ෂ ගණනක් සෑදීමට අවශ්‍ය අමුද්‍රව්‍ය විශාල ප්‍රමාණයක්ද එහි ඇති නමුත් ඉල්ලුමක් නැතිවීම හේතුවෙන් ඒවාද ප්‍රයෝජනයට ගත නොහැකිව  විනාශ වෙමින් පවතින බව ඔහු ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ ප්‍රධානීහු  මේ පිළිබඳව  පරිසරය ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී  තොරතුරු අනාවරණය කළහ. ඒ අනුව එම කාරක සභාවේ සභාපති ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා  ඇතුළු කණ්ඩායමක් එම කෙරවලපිටිය ගබඩාවට පසුගියදා ගොස් ඒ පිළිබඳව  නිරීක්ෂණය කළේය. මෙම තොරතුරු අනාවරණය වූයේ එම නිරීක්ෂණයේදී ය.

රටේ බැහැරකරන අපද්‍රව්‍ය ප්‍රයෝජනයට ගත හැකි නිසි වැඩපිළිවෙලක්  සකස් කර ඇතත්  එය ක්‍රියාත්මක කිරීමට බොහෝ තැන්වලින් සහයෝගය නොලැබෙන බවද  මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

සමහර ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි ද්‍රව්‍යවලින් ඔයිල් වැනි දෑ හදන  බවත් ඒවාට අවශ්‍ය  අමුද්‍රව්‍ය නොයෙන හෙයින් ඒ කටයුතුවල  මන්දගාමී තත්වයක් ඇති බවත් මාන්නප්පෙරුම මහතා  සඳහන් කළේය.

මේ රටේ ඇති සියලුම කුණුවලින් පොහොර හැදීමට  විදුලිය තෙල් හැදීමට බලාපොරොත්තු වන බව පැවසූ මන්ත්‍රීවරයා  මේ භූමියම ඒ සඳහා ප්‍රයෝජනයට ගත හැකි බව ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් කිසිවකුගේ අවධානය යොමු නොවීම කනගාටුදායක බවද හෙතෙම  සඳහන් කළේය.



අදහස් (6)

කාබනික පොහොර ටොන් ගණනින් කෙලවරපිටියේ ගොඩගැහිලා

Lalla Sunday, 11 August 2024 09:53 PM

රාජ්‍ය අංශය හදන පොහොර වල ගුණාත්මක භාවය ගැන සහතිකය කුමක්ද. නිකම්ම කලුපාට කුණුපස්නම් අහිතකර බැක්ටීරියා ආදිය පිළිබඳව බිය නැතිකල යුතු නේද? පෞද්ගලික අංශය නිපදවන හොඳ කොම්පොස්ට් වලට අධික ඉල්ලුමක් තියෙනව. මිලත් ඉහලයි.ඒත් පස සරු වෙන එක ඇත්ත.

:       1       23

Edward Monday, 12 August 2024 08:23 AM

ඒ වගේම පොහොර හදලා ගොඩගහගෙන හිටියම තියෙනවා කියලා කවුද දන්නෙ ඒ ගැන ප්‍රචාරයක් කරන්න ඕන දෙවනුව ටෙන්ඩර් පරිපාටිය අනුව විකිණීමට කටයුතු කරන්න ඕන ඔය ගැන කෘෂිකර්ම ඇමැතිවරයා හෝ එම දෙපාර්තමේන්තුව සමග සම්බන්ධ වෙලා ගොවීන්ට සහන ක්‍රමයක් යටතේ මිලට ගන්න පහසුකම් සලසන්න ඕන එහෙම නැත්නම් ටෙන්ඩර් ක්‍රමයට විකිණීම කරන්න බැරිනම් සති අන්ත පුවත්පත් මගින් ප්‍රචාරයක් කරන්න පුළුවන් .

:       0       9

Pradeep Kumara Monday, 12 August 2024 08:13 AM

මුලින්ම ඔය කොම්පෝස්ට් පොහොරවල ගුණාත්මක භාවය පරීක්ෂා කරන්න. මොකද පසුගිය කාලයේ කාබනික වගා රැල්ලත් එක්ක බොහෝ දෙනෙක් සාමාන්‍ය පස් වලට අළු කලවම් කරලා කොම්පෝස්ට් පොහොර ලෙස අලෙවි කලා. එහි ගුණාත්මක භාවය මැනීමට කිසිදු යාන්ත්‍රණයක් තිබුනේ නෑ. මෙම පොහොර තොගය නිසි ගුණාත්මක බවින් යුක්තයි නම් ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා සහනදායී මිළකට ගොවීන්ට ලබා දීමට කටයුතු කරන්න.

:       1       8

sam Monday, 12 August 2024 09:48 AM

ගෙන්නපු ඇමතියාගෙයි නිලධාරීන්ගෙයි විදේශ බැංකු ගිණුම් තරවෙලා ඇති .කාටද ආඩම්බර

:       11       7

Nilantha Monday, 12 August 2024 11:39 AM

සෑම් මාලිමා අදහස් හිතේ තියාගෙන අදහස් ඉදිරිපත් කලත් පත්තරේ ලිපියක් කියවා තේරුම් ගන්න බැහැ නේද .සෑම් ඔය පොහොර රටින් ගෙනවිත් නැහැ .ලංකාවෙ නිෂ්පාදනය කරල විකිණීම නොකර තියාගෙන ඉදලා කියලා කියන්නෙ. ලංකාවෙ නිෂ්පාදනය කලාම ඇමතිගේ ගිනුම් තරවෙන්නෙ කොහොමද

:       2       8

Kusum DalpadaduMonday, 12 August 2024 01:05 PM

Sam වගේ බුද්ධිමත්තු රටට අවශ්‍ය යුගයක් මේ... ඔහොම ඉදිරියටම යමු... (අනේ අපේ රට...)

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 611 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site