IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කාබනික පොහොර ගන්න රජයෙන් විසිදාහක් දෙයි

(අංජුල මහික වීරරත්න)

මහ කන්නයේ වී ගොවීන්ට කාබනික පොහොර මිල දී ගැනීම සඳහා රුපියල් 20,000ක සහනාධාරයක් ලබා දීමට රජයේ අවධානය යොමු වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

මෙම සහනාධාරය ලබා දීම සදහා රජය වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් කෝටි 1600ක් බවද අමාත්‍යවරයා කීය.

2022/23 මහ කන්නයේ වී වගා කිරීමේ දී සියයට 70ක් රසායනික පොහොර ද, සියයට 30ක් කාබනික පොහොර ද වශයෙන් යොදා ගැනීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා කෘෂිකර්ම ක්ෂේත්‍රයට සම්බන්ධ විද්වතුන් කෘෂිකර්ම අමාත්‍යාංශයට නිර්දේශ කර තිබිණි.

ඒ අනුව ලබන මහ කන්නයේ දී වී ගොවීන්ට කිලෝග්‍රෑම් 50කින් යුත් පොහොර මිටියක් රුපියල් 10,000 බැගින් ලබා දීමටත්, හෙක්ටෙයාර් එකකට යුරියා පොහොර කිලෝග්‍රෑම් 125ක් බැගින් ලබා දීමටත් කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

 



අදහස් (3)

කාබනික පොහොර ගන්න රජයෙන් විසිදාහක් දෙයි

Hafeel Thursday, 18 August 2022 01:45 PM

ගොවීන්ට නොමිලේ පොහොර දෙනවයි කියල බලයට ආපු ආණ්ඩුව, දැන් කියන කතා.

:       6       5

fairoosThursday, 18 August 2022 03:01 PM

වහල්ලුන්ට කොහේද ඕවා තේරෙන්නේ? කෘෂිකර්මාන්තය විනාශ කරලා රට මේ තත්වයට පත්කරපු අයටනම් හෙන වදිනවා.

:       0       0

සුරංග Thursday, 18 August 2022 03:15 PM

පසුගිය මහ කන්නයේ ඔහොම කරනවා කිව්වා. නමුත් අපි තිදෙනෙක් වැඩකළ කුඹුරට කිසිම කාබනික පොහොරක් ලැබුනේ නැහැ. හැබැයි පොහොර ඉල්ලීම කළේ එක් අයෙකුගේ බිරිඳගේ ගිණුමට. කිව්වේ නම් ලැබුනේ නැහැ කියලා. මෙහෙම දේවල් වෙන්න පුළුවන් නිසා ඉදිරියට කුඹුරු කරන හවුල් කරුවන්ට දැන්වීමට කටයුතු කරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 445 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1035 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site