IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කැබිතිගොල්ලෑව සැරයන්ගේ ඝාතන විමර්ශන මැදවච්චියට

(උපාලි ආනන්ද)

කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලිසියේ සැරයන්වරයකුට පොලු මුඟුරුවලින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සියලු විමර්ශන කටයුතු වහාම ක‍්‍රියාත්මක වන පරිදි මැදවච්චිය පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරික්ෂක ආර්. එම්. රත්නායක මහතාට  පැවරීමට කැබිතිගොල්ලෑව කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් ඉන්දික ලොකුහෙට්ටි මහතා කටයුතු කළේය.

කැබිතිගොල්ලෑව මූලස්ථාන ප‍්‍රධාන පොලිස්  පරික්ෂක චමිල රත්නායක මහතා යටතේ එම විමර්ශන මෙතෙක් පැවැතියේය. 

සැරයන්වරයා ඝාතන නඩුව පසුගියදා කැබිතිගොල්ලෑව මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ කැදවූ අවස්ථාවේ විත්ති පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රංග සුජීව මහතා අධිකරණයට කියා සිටියේ කැබිතිගොල්ලෑව මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරික්ෂකවරයා ද මෙම නඩුවේ පැමිණිළි පාර්ශවයේ සාක්කිකරුවකු බව අධිකරණය හමුවේ කියා සිටියේය.

එවන් පසුබිමක් තුල කැබිතිගොල්ලෑව මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරික්ෂකවරයාගේ පාලනය යටතේ පවතින කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලිසිය මගින්ම  මෙම විමර්ශන කටයුතු සිදු කිරීමෙදී අපක්ෂපාතීත්වයේ විනිවිද භාවය පිළිබදව ප‍්‍රබල ගැටලුවක් පවතින බවද අධිකරණයට අවධාරණය කළ නීතිඥ රංග සුජීව මහතා මෙම විමර්ශන කටයුතු කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලිසියෙන් ඉවත් කර වෙනත් විශේෂ පොලිස් කණ්ඩායමකට පවරන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙසද අධිකරණයෙන් ඉල්ලා සිටියේය

නීතිඥවරයාගේ එම කරුණු පිළිබදව  අවධානය යොමු කළ කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත‍්‍රාත් කසුන් කාංචන දසනායක මහතා විවෘත අධිකරණය අමතමින් සඳහන් කළේ රඔකැපුවැව සිද්ධියේ  විමර්ශන කටයුතු කැබිතිගොල්ලෑව පොලිසියෙන්  ඉවත් කර වෙනත් විශේෂ පොලිස් කණ්ඩායමකට පවරීම උචිත බවයි  

 

 



අදහස් (0)

කැබිතිගොල්ලෑව සැරයන්ගේ ඝාතන විමර්ශන මැදවච්චියට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 159 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site