IMG-LOGO

කෝප්, කෝපා සභාපති ධූර විපක්ෂයට

සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න

පාර්ලිමේන්තුවේ කෝප් ,කෝපා සහ මහජන පෙත්සම් කාරක සභාවල සභාපති ධූරය විරුද්ධ පක්ෂයට ලබා දිය යුතු බවට විපක්ෂයේ නායකයන් ඉදිරිපත් කළ යෝජනාවක් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් පසු ඊයේ (7)එකඟත්වයට පැමිණ ඇත.

එමෙන්ම පාර්ලිමේන්තුවේ කෝප් ,කෝපා සහ මහජන පෙත්සම් කාරක සභාවල සාමාජිකයකුට අනුගාමී රැස්වීම් තුනකට සහභාගි වීමට නොහැකි වුවහොත් ඒ සාමාජිකයා සාමාජිකත්වය හැර ගියා සේ සැලකෙන සංශෝධනයකටද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ එකඟත්වය හිමිවිය.

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් ) ,රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව( කෝපා) සහ මහජන පෙත්සම් කාරක සභාවේ බලතල වැඩි කිරීම සඳහා සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා විසින් රජය වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු ස්ථාවර නියෝග සංශෝධන කිරීමේ කෙටුම්පතට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී (පක්ෂ නායක රැස්වීම) එකඟතාව ලැබී ඇත.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ(7) පස්වරුවේ රැස් විය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා පවසන්නේ මේ කාරණය පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ සාකච්ඡාවට ලක් කිරීමෙන් පසු ඊට මූලික එකඟතාවය ලැබුණු බවය.

මෙම කාරක සභා වාර්තාවක් ඉදිරිපත් කිරීමෙන් පමණක් නොනැවතී තවත් ඉදිරියට ගමන් කිරීමට බලතල ලබාදීම සඳහා මෙම සංශෝධන ගෙන ආ බව සභානායකවරයා සඳහන් කළේය.

කෝප් සහ කෝපා කාරක සභාවල සාමාජික මන්ත්‍රීවරුන් කිසිවෙක් කැබිනට් අමාත්‍යධූර නොදැරිය යුතුය යනුවෙන්වූ සංශෝධනයක්ද සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවලට ඇතුළත් වේ.

 



අදහස් (3)

කෝප්, කෝපා සභාපති ධූර විපක්ෂයට

Lalith M Wednesday, 08 June 2022 07:11 AM

මොනව වුනත් මහාචාර්ය හේරත් ඒ කටයුත්ත විශිෂ්ඨ ලෙස කරනව.ඔහුට එය කරන්න දෙන්න...

:       0       0

ලුම්බිණි Wednesday, 08 June 2022 08:20 AM

යන්නේ හරි පැත්තට, ඒත් පරක්කු වැඩියි නේද?

:       0       0

Bamunuarachchi Wednesday, 08 June 2022 08:23 AM

විපක්ෂයට දෙනවා නම් ජේවීපියට දෙන්න අනික් අයට බාර දීම හොරාගේ අම්මගෙන් පෙන අහනවා වගේ සිටීවි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 383 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 86 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 269 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site