(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
නාගලගම් වීදිය ගෑස් අලෙවිසලක් ආසන්නයේදී අද සවස පුද්ගලයන් තිදෙනෙකු විසින් මන්නා පිහිවලින් කපා කොටා තරුණයකු ඝාතනය කර පළා ගොස් ඇතැයි ග්‍රෑන්පාස් පොලිසිය පවසයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ වැල්ලම්පිටිය වදුල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි සෙල්වකුමාර් ශාමල් සසිඳු යන විසිපස් හැවිරිදි තරුණයෙකි.
මෙම තරුණයා ඝාතනය කිරීමට පැමිණි පුද්ගලයින් තිදෙනාගෙන් එක් අයකු හඳුනා ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.
අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් හටගෙන තිබූ ආරවුලක් මත මෙම ඝාතනය සිදුවී ඇති බවට තොරතුරු ලැබී ඇතැයිද පොලිසිය පවසයි.
මෙම තරුණයා ඝාතනය කර පලාගිය පලා ගිය තිදෙනා අත්අඩංගුවට ගැනීමට ග්‍රෑන්පාස් පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.
2025 දෙසැම්බර් මස 18
492
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කපා කොටා තරුණයකු මරලා
Deshabandu Thursday, 06 July 2023 09:50 AM
තරුණ දූ පුතුන්ගේ ජීවිත විනාශ කරන්න උඩගෙඩි දෙන සමාජයට මහත් ශාපයක් සහ පිළිලයක් වී ඇති කුඩු සපයන ,අලෙවි කරන අමනුෂ්‍යයින් කුමන ආකාරයකින් හෝ විනාශ වී යාම සතුටට කරුණක්