IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


කපිල චන්ද්‍රසේනට දේශපාලන සහයක් ලැබු‍‍ණේදැයි සොයාබලන්න

(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාට හා ඔහුගේ බිරිඳට කිසියම් දේශපාලන හස්තයක සහයක් ලැබුණේ ද යන්න සොයාබැලීම සඳහා ජනාධිපති කොමිසමක් පත්කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්‍ෂ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ගුවන් යානා 10 ක් මිලදී ගැනීමේදී ඇමෙරිකානු ඩොලර් ලක්‍ෂ 20 ක අල්ලසක් ලබාගත් බවට කපිල චන්ද්‍රසේන මහතාට සහ ඔහුගේ බිරිඳට චෝදනා එල්ල වී ඇත.

රාජ්‍ය නිලධාරියෙකුට දේශපාලන ශක්තියක් නොමැතිව මෙවන් ගණුදෙනුවක් කළ නොහැකි බව කී මන්ත්‍රීවරයා මෙම ගණුදෙනුව සිදු වූ සමයේ පැවති රාජපක්‍ෂ රජය මෙම ගණුදෙනුව සම්බන්ධයෙන් නොදැන සිටීමට නොහැකි බව ද සඳහන් කළේය.

කපිල චන්ද්‍රසේන මහතා රාජපක්‍ෂවරුන්ගේ හිතවතෙක් වූ නිසා ඒ සම්බන්ධයෙන් සැකයක් ඇතැයි කී රහුමාන් මහතා මෙයට සම්බන්ධ සියලු පාර්ශව සොයා දඬුවම් ලබාදිය යුතු බව ද කීවේය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ කොළඹ, ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්‍ෂනායක කාර්යාලයේදී අද (09) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 



අදහස් (0)

කපිල චන්ද්‍රසේනට දේශපාලන සහයක් ලැබු‍‍ණේදැයි සොයාබලන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

හැටන් ඡන්ද ගණන් කිරීමේ ස්ථානක කලබල කරලා
2025 මැයි මස 07 105 0

හැටන් තැපැල්කාර්යාලය සහ සන්නිවේදන පියසේ ඉහළ මහලේ ඡන්ද ගණනය කිරිමේ මධ්‍යස්ථානයට බලහත්කාරයෙන් ඇතුලු වූ පිරිසක් ඉන් ඉවත් කර දැඩි පොලිස් ආරක්ෂාව යටතේ ඡ




නාවුල ජය ජාජබට
2025 මැයි මස 07 117 0



නිවසේ ආරක්ෂාවකට සිටි පී.සී ජිප් රියකට වෙඩි තබයි
2025 මැයි මස 07 990 0

අපරාධයක වින්දිතයකුගේ මතුගම බාලිකා පාරේ නිවසක ආරක්‍ෂාවට යොදවා සිටි පොලිස් සැරයන්වරයකු ටි 56 රාජකාරි ගිනි අවියෙන් මෙවර පළාත් පාලන මැතිවරණයට එක්සත් ජාත


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 878 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 220 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1275 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site