
(විමුක්ති එස් රුද්‍රිගු)
අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ භාවිත කරමින් සිදුකරන බිය වැද්දීම්, තර්ජනය කිරීම් සහ කප්පම් ගැනීම් පිළිබඳ පැමිණිලි මෙම වසරේ සැලකිය යුතු අන්දමින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චාරුක දමුණුපොළ මහතා ලංකාදීප පුවත්පතට ප්‍රකාශ කළේය.
මෙම වසරේ එලෙස බිය වැද්දීම්, තර්ජනය කිරීම් සහ කප්පම් ගැනීම් පිළිබඳ පැමිණිලි 1140 වාර්තා වන බවත් ඉන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ ආදර සබඳතා බිඳ වැටීමෙන් පසු වෛරී චේතනාවෙන් අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට මුදා හැරි අවස්ථා පිළිබඳව බවත් දමුණුපොළ මහතා පැවැසුවේය. ආදර සබඳතාවය පවතින කාලයේදී කෙසේ හෝ ලබාගත් එවැනි ඡායාරූප සහ වීඩියෝ ආදර සබඳතාව බිඳ වැටුණු විට පෙම්වතියට තර්ජනය කිරීමට හෝ පෙම්වතිය බලෙන් ළඟ තබාගැනීමට භාවිත කළ අවස්ථා පිළිබඳ පැමිණිලි රාශියක් ඒ අතර තිබෙන බව දමුණුපොළ මහතා ප්‍රකාශ කළේය.
ආදර සම්බන්ධතාවය පවතින කාලයේදී සිය පෙම්වතිය කැමැත්තෙන් එවැනි දර්ශනයක් හෝ ඡායාරූපයක් ලබා දුන්නත් එය අන්තර්ජාලයට මුදා හැරීමට පෙම්වතාට කිසිඳු අයිතියක් නොමැති බවද ඒ මහතා ප්‍රකාශ කළේය. එසේම කාන්තාවකගේ සාමාන්‍ය ඡායාරූපයක් ගෙන කෘතිම බුද්ධි තාක්ෂණයෙන් ඇඳුම් ඉවත් කළ අවස්ථා පිළිබඳ පැමිණිලිද මෙම වසරේදී සැලකිය යුතු ප්‍රමාණයක් ලැබී තිබෙන බව දමුණුපොළ මහතා පැවැසුවේය.
කිසියම් අයකුගේ අසභ්‍ය දර්ශනයක් හෝ ඡායාරූපයක් අසභ්‍ය වෙබ් අඩවියක හෝ සමාජ මාධ්‍යයේ සංසරණය වේනම් එහි ඡායාරූපයක් හෝ යූ.ආර්.එල් (ලින්ක්) සමග එය වහාම ඉවත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය හෝ පරිගණක අපරාධ අංශය අමතන ලෙසද දමුණුපොළ මහතා ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කළේය.
මෙවැනි අවස්ථාවකට මුහුණ දුන්නොත් සිය ළඟම විශ්වාසනීය හිතවතකු දැනුවත් කර එවැනි ක්‍රියාවක් සිදු කළා යැයි සැකකරන තැනැත්තා පිළිබඳ එකතු කළ හැකි සියලු තොරතුරු, දුරකතනට ලැබුණු කෙටි පණිවුඩ සහ දුරකතන ඇමතුම් පිළිබඳ විස්තර සියල්ල එකතු කරගෙන ළඟම ඇති පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් ගොනු කරන ලෙස ඔහු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටියේය. පොදු ප්‍රවාහන සේවයේදී, පොදු ස්ථානවලදී කාන්තාවන් මෙවැනි අපරාධයන්ට නොදැනුවත්ව ගොදුරු විය හැකි බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතු බවද දමුණුපොළ මහතා පැවැසුවේය. මෙවැනි සිදුවීමක් වූ විට එම අසභ්‍ය ඡායාරූපයේ හෝ වීඩියෝ පටයේ සිටින කාන්තාව වැරදි යැයි මතයක් තිබුණත් සැබෑ වැරදිකරුවා එම ඡායාරූපය හෝ වීඩියෝ පටය අන්තර්ජාලයට උඩුගත කරන තැනැත්තා බව ඔහු ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ඇමතිය හැකි දුරකතන අංක - +94 11 269 1692, 94 11 269 5749, +94 11 267 9888, 101
2025 දෙසැම්බර් මස 18
634
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
305
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1104
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කප්පම් ගැනීම් වැඩි වෙලා
රුවන් Friday, 29 November 2024 07:00 AM
දේශපාලුවන් දැන් කප්පම් ගන්න තව ක්‍රමයක් හොයා ගෙන වගේ...?
Hemantha Saturday, 30 November 2024 09:38 AM
ගණන් ගන්න එපා. පුනරුදය ආවාම ඔහොම තමයි.