IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


කැපකිරීම් කළ යුත්තේ රටේ නායකයායි

(නිමල කොඩිතුවක්කු)

බංකොලොත්භාවයෙන් ගොඩ ඒමේ දී රටට ආදර්ශයක් වෙමින් පළමුව කැපකිරීම් කළ යුත්තේ රාජ්‍ය නායකයා වුවත් අප රටේ කැපකිරීම් කරන්නේ සාමාන්‍ය ජනතාව පමණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසිය.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී සුපිරි ධානපතියන් කෝටිපතියන් බේරා මෙරට වැඩ කරන ජනතාවගේ අර්ථසාධකයට බලපෑම් කළ බවත් වැඩ කරන ජනතාව මෙන්ම සුපිරි ධනවතුන්ද කැපකිරිම් කළ යුතු බවට තමා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට පැවසූ බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

තමන් මෑත දිනයකදීත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් හමු වී රටේ සිදුවිය යුතු වෙනස්කම් සහ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත් සමගි ජන බලවේගයේ භික්ෂු උපදේශක සභාව කුරුණැගලදී අමතමින් ඔහු පැවසිය.

අද වන විට විවිධ ප්‍රශ්න ගැටලු නිසා බොහෝ විහාරස්ථාන වැසී ගොස් ඇති බවත් විහරස්ථාන පද්ධතිය රැකගන්න විහාරස්ථාන කැපකරු මාපිය ක්‍රමයක් ඇති කර විහාරස්ථාන දියුණු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.



අදහස් (8)

කැපකිරීම් කළ යුත්තේ රටේ නායකයායි

සෙනෙවිරත්න Friday, 02 August 2024 05:12 PM

තාත්තා වගේමයි. දැක්කොත් දොහොත් මුදුන් දීලා වඳින්නේ...!

:       0       21

ජගත් ලියනගේ Friday, 02 August 2024 05:13 PM

ඇති යාන්තම්... හොඳ දෙයක් කිව්වා...

:       2       19

andare Friday, 02 August 2024 05:50 PM

ඔන්න IMF එක මෙයාව එයාලාගේ ප්‍රධාන උපදේශක කරගන්න ආසාවෙන් ඉන්නවාලු. බන්ධනාගාරයයි, භාණ්ඩාගාරයයි අඳුනන්නේ නැති කෙනෙක් මාර පොර ටෝක්නේ දෙන්නේ. මේවාට අක්මාවෙන් හිනාවෙන්නද? නැත්නම් පෙනහළු වලින් හිනාවෙන්නද මන්දා. ගැලරිය පිනවන්න කතා කියන්නේ මෝඩයෝනේ ආයුබෝවන්...!

:       0       1

T Rangana Prabath Friday, 02 August 2024 06:00 PM

අම්මගෙ විය හියදම් ටික මිනිස්සුන්ගෙ බදු මුදලෙන් නිදහස් කරන්න බැලුවන්ම් මුලින්ම හරි වටිනවා.

:       0       0

Sarasi Friday, 02 August 2024 10:13 PM

ඔය වගේ ලස්සනට කතාකරන්නකෝ...!

:       1       0

Chandra Saturday, 03 August 2024 08:13 AM

අපේ කරුමෙටවත් බලය ලැබුනොත්, කැපකිරීම් කරයි පව්ලට. ආයෙත් බය නැතුව හාරයි . අච්චු ගහයි .

:       0       1

Bunny Preena Saturday, 03 August 2024 09:12 AM

හොඳ දැක්මක් තියෙන තරුණ නායකයෙක්..

:       1       0

රෝයි ෆෙඩ්රික්ස් Saturday, 03 August 2024 01:06 PM

බොහෝම හොඳ කතාවක්. ලොක්කාට රට බංකොලොත් කරන්න බැරි වුණා. හැබැයි හිටියා නම් බංකොළොත් රටක්වත් අපිට ඉතුරු කරන්නේ නැහැ. එයා තමයි මහජන මුදල් තමන්ගේ බූදලය හැටියට හිතුමතේ වියදම් කරලා සැප විඳලා ඊට පස්සේ එන එවුන්ටත් බය නැතිව රට මංකොල්ල කන්න ඉගැන්වූයේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site