IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


කඳුළු ගෑස් උණ්ඩ සඟවාගත් පෙදරේරුවා පෙරට්ටුවකට

(නිමන්ති රණසිංහ)

පොල්දූව මංසන්ධියේදී ආරක්ෂක අංශවලට පහරදීමෙන් පසු අරගලකරුවන් විසින් බලහත්කාරයෙන් රැගෙන යනු ලැබූ කඳුළු ගෑස් උණ්ඩ 50ක් සඟවාගෙන සිටියැයි වැලිකඩ පොලීසිය අත්අඩංගුවට ගත් සැකකරුවකු හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සදහා ලබන 01 වැනිදා ඉදිරිපත් කරන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද  නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ බොරැල්ල ගෝතමීපාරේ තාවකාලිකව පදිංචිව සිටි පොළොන්නරුව කාශ්‍යපපුර පදිංචි පෙදරේරුවෙකි.

මෙම සැකකරු අදාළ කදුලු ගෑස් උණ්ඩ තොගය ඔබේසේකර පුර නානායක්කාර මාවතේ නිවෙසක සඟවා තිබීයදී ඉකුත් 17 වැනිදා අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණී.

එම කදුලු ගෑස් උණ්ඩ තොගය මෙම සැකකරු සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් සාක්ෂිකරුවන්ට හදුනාගැනීමට අවශ්‍ය බැවින් ඔහු හදුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙසද කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලීය.

ඒ අනුව මෙම සැකකරු ලබන 01 වැනිදා හදුනා ගැනීම් පෙරට්ටුවකට ඉදිරිපත් කරන තෙක් රක්ෂිත භාරයේ තැබීමට අධිකරණය නීියෝග කළේය.



අදහස් (3)

කඳුළු ගෑස් උණ්ඩ සඟවාගත් පෙදරේරුවා පෙරට්ටුවකට

කිරිපුතා Monday, 18 July 2022 06:15 PM

මෙයාලා තමයි ජ.වි.පෙ. ස.ජ.බ. පචවලට කුලප්පු වෙලා නටලා තියෙන්නේ... එතකොට. යතු කැටෙන් රට කරන්න වෙන්න ඇති...!

:       8       14

BamunuarachchiTuesday, 19 July 2022 06:08 AM

ගම්බට්ටෝ කොළඹ ඇවිල්ල ගෑස් උන්ඩ හොරකම් කරන්න.

:       0       0

sharm warn Tuesday, 19 July 2022 02:31 PM

අයියෝ මචන්, දන්න කෙනෙකුට කියලා ඕවා ටික නිෂ්ක්‍රීය කරවලා දාන්නනේ තිබුණේ... මොකද ඔව්වා කනබොන දෙයක්වත්, බෙහෙතක්වත් නෙවෙයිනේ. අනික කල් ඉකුත් වෙච්චි දේවල්. දුක් විඳින මිනිස්සුන්ට ගහලා නොමර මරන්න මේ පාලකයෝ ඕවා යොදාගන්න එකට මානව හිමිකම් එකට පැමිණිල්ලක් දාන්න ඕනේ හරිනම්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 576 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 120 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 331 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site