IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කඳුළුගෑස් ගැහුවේ විපක්ෂ නායක මරන්න

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

සජබ  උද්ඝෝෂණයේදී කඳුළු ගෑස් උණ්ඩ ගැසුවේ විපක්ෂ නායකවරයාගේ ජීවිතයට හානියක් කිරීමට බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී  අද (8)පැවසීය.

සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කොට කඳුළු ගෑස් වෙඩිල්ල තබන අයුරු තමා දුටු බව කී කිරිඇල්ල මහතා වාසනාවකට ඔහුගේ දෙපා උණ්ඩය වැටුණු බව කීය.

ජනපති පාර්ලිමේන්තු සැසිවාරය විවෘත කරමින් කළ කතාව පිළිබඳ කල්තැබීමේ විවාදය අමතමින් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේද කීය.

අප ජනපතිගේ රාජාසන කතාවෙන් නැගිටලා ගියා. අපේ සහාය අවශ්‍ය නම් අපට ගෞරවයක් අවශ්‍යයි.අපට විමධ්‍යගත ප්‍රතිපාදන ලබා දුන්නේ නැහැ.අපගේ සාමකාමී විරෝධයට පහර දුන්නා. අප බලපත්‍රය ලබා ගත්තේ තහනම් කළ ප්‍රදේශයෙන් පිට උද්ඝෝෂණය පවත්වන්නයි.

අපට ගහලා අපේ සහාය ඉල්ලන්න ලැජ්ජ නැද්ද?අප සහය දුන්නොත් අපට ගම්වලට යන්න බැරි වෙයි. මෙහෙමද විපක්ෂයේ සහයෝගය ගන්නේ.

 

 



අදහස් (6)

කඳුළුගෑස් ගැහුවේ විපක්ෂ නායක මරන්න

අරවින්ද මොනරවිල Thursday, 08 February 2024 12:02 PM

රනිල් මිනිසුන් මැරුවත් ගැරඩියෙක්ව නම් මරන එකක් නැහැ.

:       4       29

G. K. Ekanayake Thursday, 08 February 2024 12:20 PM

එයා ඉන්න එක රජයට කොයිතරම් වාසියක් ද? සජිත් මැරුණත ආණ්ඩුවෙන් පන දීල තියාගන්නවා.

:       1       11

Cham Thursday, 08 February 2024 12:41 PM

විහිළුකාරයෙක් වෙන්න එපා

:       0       10

Pradeep Kumara Thursday, 08 February 2024 12:44 PM

කඳුළු ගෑස් ගසා මිනිසෙකු මැරීම අදහස් කරන්නේ නම් එදා මෙදා තුර කාල වලදී සාමාන්‍ය ජනයා සහ නොයෙකුත් ශිෂ්‍ය ව්‍යාපාර විසින් සිදු කල උද්ගෝෂණ වලට ඔබලාද ඇතුලත් පාලකයින් කඳුළු ගෑස් ගැසුවේ එවැනිම අදහසක් හිතේ තබාගෙනද? අනුන්ට යමක් කරද්දී එයට සාධාරණ හේතු තිබීමත් තමන්ට ඒ දේම වෙනකොට ඒක අසාධාරණ වීමත් විහිළු සහගත නැද්ද මහත්තයෝ.

:       0       13

city Thursday, 08 February 2024 12:49 PM

ඔහුට පිස්සු

:       0       10

P.D goonawaedene Thursday, 08 February 2024 01:14 PM

අම්මෝ මූට පේන ඒවා ....

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 176 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 155 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site