
(ආනන්ද ඉ ජයකොඩි)
කළගෙඩිහේන ප්‍රදේශයේ හෝටලයක් අසල නවතා තිබූ රුපියල් ලක්ෂ පනහක් පමණ වටිනා බස් රථයක් අද (29) පාන්දර සොරා ගෙන යමින් සිටි සැකකාර සෙබළෙක් අවට සිටි පිරිසක් විසින් අල්ලා භාර දුන් බව නිට්ටඹුව පොලීසිය පවසයි.
කළගෙඩිහේන හෝටලයක් අසල නවතා තිබූ එම හෝටල් හිමියාට අයිති බස් රථය පාන්දර 01 ට පමණ සොරා ගෙන යද්දී ඒ ආසන්නයේදීම පිරිසක් විසින් සොරා ගෙන ගිය බව කියන පුද්ගලයා අල්ලා භාර දුන් බවද පොලීසිය කීය.
අල්ලා දුන් පුද්ගලයා බෙම්මුල්ල කඹුරුගොඩ ප්‍රදේශයේ පදිංචි කුරුණෑගල බෝයගොඩ හමුදා කදවුරට අනුයුක්ත සෙබලෙකු බවට පරීක්ෂණවලදී හෙළි වී ඇති බව ද පොලීසිය කියා සිටියේය.
මොහු පොලීසියට භාර දුන් අවස්ථාවේ තුවාල ලබා සිටි හෙයින් වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කළ බවද පොලීසිය කීය.
මොහු ඉකුත් 27 වනදා සිට හමුදා කඳවුරෙන් අතුරුදහන් වී සිටි බවද පොලිස් පරීක්ෂණ වලදී හෙළි වී ඇත.
මොහු බස් රථය සොරා ගෙන යාම කර ඇත්තේ කුමක් සදහාද යන්න පොලීසිය පරීක්ෂණ පවත්වා ගෙන යයි.
බස් රථයද පොලීසිය භාරයට ගෙන ඇත.
ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ හා අත්තනගල්ල සහකාර පොලිස් ප්‍රසාද් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි නිට්ටඹුව වැඩ බලන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන කුමාර මහතා ප්‍රමුඛ එහි පොලිස් නිලධාරීන් පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යති.
2025 දෙසැම්බර් මස 18
330
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
209
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කඳවුරෙන් අතුරුදන් වූ සෙබළා බසයක් සොරාගද්දී මාට්ටු