IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කඳුකරයේ වැඩ දහ දාහක් අරඹයි

(අංජුල මහික වීරරත්න)

මේ වසරේ මුල් කාර්තුව අවසන් වන විට කදුකර දශකය බහුකාර්ය ග්‍රාමීය හා ප්‍රජා සංවර්ධන වැඩ සටහන යටතේ ව්‍යාපෘති 10,765ක් ක්‍රියාත්මක කර ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

තෝරා ගත් දිස්ත්‍රික්ක 12ක ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය සදහා යොදවා ඇති මුදල රුපියල් මිලියන 4109.20කි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ යෝජනාවකට අනුව මෙවර අයවැයෙන් කදුකර දශකය දස අවුරුදු බහු කාර්ය ග්‍රාමීය හා ප්‍රජා සංවර්ධන වැඩ සටහන සදහා වෙන් කෙරුණු මුදල රුපියල් මිලියන 10.000කි. කලුතර, මහනුවර, මාතලේ, නුවරඑළිය, ගාල්ල, මාතර, කුරුණෑගල, අම්පාර යන දිස්ත්‍රික්ක වල මෙම සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි.

පළමු කාර්තුවේ දී දිස්ත්‍රික්ක 9ක් ව්‍යාපෘති සදහා ප්‍රතිපාදන වෙන් කර ඇති අතර මේ මාසයේ  රත්නපුර, කෑගල්ල හා බදුල්ල දිස්ත්‍රික් සදහා ද ප්‍රතිපාදන වෙන් කෙරුනු ඇත.



අදහස් (6)

කඳුකරයේ වැඩ දහ දාහක් අරඹයි

Nimal Wednesday, 17 April 2024 11:50 AM

මෙතුවක් කල් නිදාගෙන ඉඳලා දැන් මොකක්ද මේ වෙනස? ඡන්දය ළඟ එනවද?

:       2       12

End Game Wednesday, 17 April 2024 08:17 PM

ඔව්.චන්දෙට වියදම් කරන්න සල්ලි හොරකම් කරන්න ඕනනේ

:       0       0

Asela Wednesday, 17 April 2024 11:57 AM

අපරාදේ පටන්ගත්තේ....!

:       3       8

"LGPJ Wednesday, 17 April 2024 01:22 PM

ගස්වල විශාල විනාශයක්...!

:       1       6

පිටරටවැසියා Wednesday, 17 April 2024 01:26 PM

ඒ කියන්නේ එක ව්‍යාපෘතියකට දළ වශයෙන් තුන් ලක්ෂ අසූ දෙදාහක මුදලක් වැය කරලා... ඔතැනින් හොරකම් කරපු ගණන අයින් කෙරුවාම සොච්චමක් තමයි එක ව්‍යාපෘතියකට ජනතා බදු මුදල් වැයකරලා තියෙන්නේ... ලොකුවට පුම්බලා කීවාට මුකුත්ම නැති ගානයි. හැබැයි පක්ෂ-පාට කරේ තියන් ඉන්න බත් කන ගවයින්ට ඕවා ලොකු ඇති.

:       2       11

ගමේ එඑකාලා Wednesday, 17 April 2024 02:36 PM

කප්පම් කාරයා කියන කතා විශ්වාස කරනවා බොරු...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 408 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1024 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site